ලබුගම ශ්‍රී ලංකානන්ද නායක හිමියන්

horana-lankananda-thero
1997 වසරේ අපවත්වී වදාළශ්‍රී ජයවර්දන පුර කෝට්ටේ මහා සංඝ සභාවේ මහා නායක රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක වාගීශ්වර පුජ්‍ය පාද ලබුගමුවේ ශ්‍රී ලංකානන්ද මහා නායක ස්වාමින්වහන්සේ සමග කල සාකච්ච්චාවකින් උපුටා ගත් සටහනෙකි.

Q.ඔබවහන්සේගේ බාල කාලය ගැන ටිකක් දැනගන්න කැමතියි හාමුදුරුවනේ.

A. මම උපන්නේ හොරණ කිට්ටු ලබුගම කියන ගමේ. උපන්නේ 1901 ජුලි 10 වැනිදා හල්තොට ඉස්කෝලෙන් මම අධ්‍යාපනය ලැබුවා. මම වවුලාගල ධර්මරක්ෂිතාරාම පන්සලේ දහම් පාසලට ගියා ඒ කාලේ පන්සලේ සති පිරිතකදී දොරකඩ අස්නේ ගාථා කියන්න මාව තෝරා ගත්තා ඒ උත්සවයට ආපු රයිගම ලොකු හාමුදුරුවෝ මගෙන් ඇහැව්වා මහණවෙන්න කැමතිද කියලා මට එදා තමයි සාසනයට ඇතුල්වෙන්න ඕනෑය කියන අදහස ඇතිවුනේ එතකොට මට වයස 14ක් විතර ඇති මගේ දෙමව්පියෝ නම් මේකට බොහොම විරුද්ධ වුනා මගේ අක්කා නම් මාව උනන්දු කළා මගේ පන්තියේ උන්න තව යාලුවෙක් ඒ කාලෙම මහන උනා ඒක මට හරි දයිර්යයක් උනා ඒ උන්නාන්සේ නම් දැන් අපවත් වෙලා රයිගම ලොකු හාමුදුරුවෝ තාත්තාගෙන් මගේ හඳහන ඉල්ලාගන ඒක කියවලා මාව මහණ කරන්නම ඕනෑ බව මගේ දෙමව්පියන්ට ඒත්තු ගැන්නුවා ඉතින් පවුලේ අවසරෙත් එක්ක මට 1917  මාසේ  2 වැනිදා සසුන් ගතවෙන්න වාසනාව ලැබුණා . 1924 ජුලි 11 වැනිදා කෝට්ටේ රජ මහා විහාරේදීමම උපසම්පදාව සම්පුර්ණ කළා


Q: අපේ නායක හාමුදුරුවන්ගේ මුලික අධ්‍යාපනය ගැනත් යමක් කීවොත් ..

A. මහන උනාට පස්සේ මම මාස 3ක් වත් පන්සලේ උන්නේ නැහැ. මොල්ලිගොඩ පිරිවෙනෙන් තමයි මම මුලික අධ්‍යාපනය ලැබුවේ. ඉගෙන ගන්න මට බොහොම ලොකු උනන්දුවක් තිබුනා. මගේ ධාරණ ශක්තියත් හුඟක් හොඳට තිබුනා. සිදත් සඟරාව වගේ පොත් මට බොහොම ලේසියෙන් කට පාඩම් කරගන්න පුළුවන් උනා. 1928 දී ප්‍රාචීණ විභාගේ සමත් වුනා. 1933 දී පණ්ඩිත විභාගෙට පොතක් ලියන්නත් නියම වෙලා තිබුනා. මම ලිවුවේ පාළි භාෂාවෙන් “ගාමිණි චරිතය” කියලා පොතක්. ඒකට පාලි ගාතා 1000 ක් විතර ඇතුල් උනා. මේ සත වර්සයේදී එහෙම පොතක් කවුරුවත් ලියා තිබුණේ නැතැයි කියනවා.

Q;පණ්ඩිත විභාගෙට පොතක් රචනා කිරීමේ සිරිත නැවත්වුවේ ඇයි ලොකු හාමුදුරුවනේ ?

A:හුඟ දෙනෙකුට මේක මහා විසාල දෙයක් හැටියට පෙනීම හන්දා ඒ වැඩේ පණ්ඩිත විභාගෙන් අයින් කරන්න ඇති. ඒක තිබුනා නම් අඩු තරමින් මේකට උත්සාහයක් වත් දරන්න හාමුදුරුවන් උනන්දු වෙනවයි කියලයි මම හිතන්නේ.

Q:අපේ නායක හාමුදුරුවන්ට පාළි සංස්කෘත භාෂාත් සිංහල භාෂාව වගේම හොඳින් පුළුවන් උනේ කොහොමද අපේ හාමුදුරුවනේ?

A:මම ඉගෙන ගැනීම නතර කරලා නැහැ. මම තාමත් ඉගෙන ගන්නවා. හුඟක් හාමුදුරුවන් වහන්සේලා උපාධිය ගත්තාට පස්සේ ඉගෙන ගැනීම නතර කරලා උගන්වන්න ගන්නවා. ඒක හොඳ මදි. අපට ඉගෙන ගෙන අහවර කරන්න බැහැ. මම ත්‍රිපිටකයත් අටුවා ටීකාත් බොහොම වරක් කියවලා තියෙනවා. තාමත් කියවනවා. හැමදාම මොකක් හරි අලුත් දෙයක් දකිනවා. ඒකෙන් දැනීම අලුත් වෙනවා. තීක්ෂණ වෙනවා. උදේ 4 ට විතර මම අවදිවෙලා මම කියවනවා. ගිහි පැවිදි ඇත්තන්ට උගන්නනවා ඒක හින්දා මට මෙහෙම දැනීමක් ඇතිය කියලා මන් හිතනවා.

Q: පාළි , සංස්කෘත සාහිත්‍ය වගේම ධර්ම විනය අතිනුත් ඔබ වහන්සේ බුද්ධ සාසනයට මහා මෙහෙවරක් කරලා තියෙනවා. මේ ගැනත් ටිකක් කීවොත් අපේ හාමුදුරුවනේ?

A: උගන්වන්න පටන් ගත්ත කාලේදී “චුත්තෝදය” කියල පොතක් උගන්වන්න මට සිද්ධ වුණා. ඒක ටිකක අමාරු පොතක්. ඉතින් මම ඒ පොතේ පරිවර්තනයක් කරලා එකෙන් ඉගැන්නුවා. ඒ 1935 අවුරුද්දේ. ශිෂ්‍යයෝ සල්ලි එකතු කරලා ඔය පොත අච්චු ගැස්සෙව්වා. ඒකෙන් පාලි ඉගෙන ගන්න අයට බොහොම ප්‍රයෝජන වුනා. පස්සේ මට වැලිවිටියේ සෝරත හාමුදුරුවන් වහන්සේ කිවුවා උන් නාන්සේත් චුත්තෝදය පොත පරිවර්තනය කරන්න පටන් ගත්තාය. මගේ පරිවර්තනයෙන් පස්සේ ඒ වැඩේ නතර කාලය කියලා. උන් නාන්සේ මට බොහොම ප්‍රසංසා කළා ඉතා හොඳින් එක කාලය කියලා. ඔක්කොම පාලි පොත් සිංහලට පරිවර්තනය කරන්න ඇත්නම් හොඳය කියලා මට හිතුනා. 1936 දී මම මජ්ජිම නිකාය පරිවර්තනය කළා “ප්‍රපංච දීපිකා” කියන නමින්. 1937 දී “සුභෝධාලන්කාර ලංකානන්ද ව්‍යක්යාව” ප්‍රසිද්ධ කළා. ඒ හැරෙන්න දැනට පොත් 17ක් විතර තියෙනවා තවම අච්චු ගස්සලා නැති. ඒ අතරෙන් බුත්සරණ කියන පොත හුගක් වැදගත් ය කියල මම හිතනවා. අංගුත්තර නිකායේ පරිවර්තනය සම්පුර්නෙන්ම වගේ දැන් ඉවරයි.  ඒ ඇරුනු කොට පත්තර සඟරා වලටත් මම බොහොම ලියලා තියෙනවා. මේවට අමතරව බෞද්ධ විශ්වකෝෂය වැඩ වලටත් ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලේ ප්‍රධාන කතෘ කමටත් මාව පත් කරලා තියෙනවා. කෝදාගොඩ නායක හාමුදුරුවන්ගේ  පුරප්පාඩුව පිරිමහන්න මට එච්චර ලේසි නැහැ. පරවාහැර විජිරඥා න  ලොකු හාමුදුරුවන්ගේ බලවත් ඉල්ලීම හින්දා මම ඒ තනතුරේ වැඩ කරන්න භාර ගත්තේ.

Q: ලොකු හාමුදුරුවනේ පාලි පරිවර්තනය කිරීම මේ තරම් අමාරු ඇයි
A: පරිවර්තනය කරන්නාට පාළි සහ සිංහල භාෂා දෙක ගැන ගැඹුරු දැනීමක් තියෙන්න ඕනෑ . ඒ වගේම ධර්මය ගැන ඉතා හොඳ දැනීමක් අවබෝධයක් නැතිව පරිවර්තනයට අත ගැසුවොත් ධර්මය විකුර්තී වෙලා පරිවර්තනය අසාර්ථක වෙනවා.

Q: ශ්‍යාමෝපාලි නිකායෙ මහනායක තනතුරත් කෝට්ටේ මහනායක තනතුරුවලත් ඔබ වහන්සේ කටයුතු කළා. මේ ගැනත් අපව ටිකක් දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ.

A: 1947 අවුරුද්දේ තමයි ශ්‍රී කල්‍යාණි ධර්ම සභාවේ කාරක සභාවට මාව පත් කලේ. මම අවුරුදු 22ක් ම එහි ලේකඛාදී තනතුරේ වැඩ කළා. මට මතකයි ඒ දවස්වල ලංකා ආණ්ඩුවෙන් තීරණයක් ගත්තේ සියම් නිකායෙන් නියෝජිත කණ්ඩායමක් රුසියාවට යවන්න. අස්ගිරි නිකායේ නායක හාමුදුරුවන් ඒ නියෝජිතයන් හය දෙනාගෙන් එක කෙනෙක්. ඒ ලොකු හාමුදුරුවන් ගමනට එක වෙන්න කැමති වුනේ නැහැ. මල්වත්තේ ලොකු හාමුදුරුවන් ඇහැව්වා අපෙන් හාමුදුරු නමක් එවන්න පුලුවන්ද කියලා. මාව යවමුය කියලා කල්‍යාණි ධර්ම සභාව යෝජනා කලා. ඒ විදියට මම රුසියාවට ගියා.

Q;රුසියාවේ ආගමික නිදහස තියෙනවාද අපේ හාමුදුරුවනේ?

A: රුසියාවේ බුරිත් කියන පළාතේ ලක්ස හයක් විතර බෞද්ධයෝ ඉන්නවා. සුභසිංහ මහත්තයා තමයි අපි යන කාලේ තානාපති හැටියට වැඩ කලේ. උන්නැහේ අපිව මොන්ගෝලියාව සයිබීරියාව වගේ පළාත්වලටත් එක්ක ගියා. ආගමික කටයුතු කරන්න කාටවත් රුසියාවේ ආණ්ඩුවෙන් බාදා වෙන බවක් අපි දැක්කේ නැහැ. ඒ පලාත්වල මුස්ලිම් භක්තිකයන් ඒ ආගමේ පුද පුජා කරන හැටි අපි දැක්කා. තමන් කැමති ආගමක් අදහන්න සියලු වැසියන්ට ආණ්ඩුව ඉඩ දුන්නු බව තමයි අපි දැක්කේ. මහායාන බෞද්ධයන් සැහෙන ගණනක් රුසියාවේ ඉන්නවා. අපේ ගමන වෙනුවෙනුත් රුසියාවේ ආණ්ඩුව විය පැහැදම් දැරුවා.

Q: අපේ හාමුදුරුවනේ,සංඝාධිකරණ පනත හදන්නත්  ඔබ වහන්සේ දායක උන බව අපි දන්නවා. ඒ පනත ක්‍රියාත්මක නොවුනේ ඇයි අපේ හාමුදුරුවනේ ?

A: සමහරු ඒ සන්ඝාදිකරණ පණත ගැන භය වුනා. ඒ පනත සම්මත වෙලා නීතිය උනාම දුස්සීල චීවර ධාරීන්ව සාසනයෙන් නෙරපෙනවා. මේ ගැන සමහරු අකමැති උනා. ආණ්ඩුවේත් සමහරු මේකට කැමති උනේ නැහැ. ඒ පනත ක්‍රියාත්මක උනානම් සංඝයා අතර විනය පවත්වාගන්නට ලොකු ආධාරයක් වෙනවා. මේකට හොඳ උදාහරණයක් මම කියන්නම්. අපේ සංඝ සභාවට අයිති පන්සලක ඇතිවුන මුදල් වංචාවක් ගැන කටයුතු කරන්න නීතියෙන් දැනට ඉඩක් නැහැ. සමහර සංඝයා කරන මුදල්, දේපොළ වංචා ගැන කටයුතු කරන්න මේ සන්ඝාදිකරන පනත සම්මත කර ගන්න එක විසාල ප්‍රයෝජනයක් වෙනවා. මහනායක හාමුදුරුවරුත් මේකට එකඟයි.  අපට ඉතාම හොඳ විනය නීති පද්ධතියක් තියෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුවේ නීති සම්පාදයකයොත් අපේ විනය නීති ඒ  අයගේ නීති හදන්න උදව් කර ගත්තා. අපරාධයකට සම්බන්ධ වී වැරදිකළ බවට ඔප්පුවූ හාමුදුරුවන් සාසනයෙන් නෙරපන්න අද පුළුවන් කමක් නැහැ.  අද සාසනයේ වෙන පරිහානිය මේ  පනතෙන් වලක්වා ගන්න පුළුවනි. 1971 දී වෙච්ච දේ මෙහෙම නීතියක් තිබුනානම් වලක්වා ගන්න පුළුවන් කම තිබුණාය කියලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් කියනවා. කොම්පඥ වීදියෙ බැංකුවක් කොල්ල කාපු සොර මුලක් පස්සේ සිවුරු ඇඳගෙන භික්ෂුන් ලෙස පෙනී ඉඳලා පොලීසියෙන් බේරුනා. මේ පනතේ  විදියට හාමුදුරුවරුන්ට හැඳිනීමේ පත්‍රයක් නිකුත් කලහම  මේ වගේ දේවල් පහසුවෙන් මැඩලන්න පුළුවන් වෙනවා. සංඝාධිකරණ පණත සම්මත කරගත්තොත් අපේ ප්‍රශ්න බොහොම අඩු කර ගන්න පුළුවනි.

Q: සංඝ  සමාජයේ පරිහානිය ගැන ඔබ වහන්සේගේ අදහස කොහොමද අපේ හාමුදුරුවනේ?

A:මම හිතන්නේ භික්ෂු  අද්‍යාපනය මේ පරිහානියට මුලය කියලා. පිරිවෙන්වල එකම විනය පොතක් වත් දැන් උගන්නන්නේ නැහැ. ඉස්සර කාලේ පිරිවෙන් වල උගන්නපු පොත් ගැන අද ය අහලාවත් නැහැ. අද හාමුදුරුවරුන්ගේ සංවරයක් නැති බව කියනවා. විනය ගැන අහලාවත් නැති හාමුදුරුවන්වහන්සේ කෙනෙක් කොහොම සංවර වෙන්නද?

Q: මේ පරිහානිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය හින්දා උනා කියලා සමහරු කියනවා. අපේ හාමුදුරුවන් මේ ගැන මොකද හිතන්නේ?

A:ඔවු. අද ගුරු ගෝල සම්භන්ධයක් නැහැ. අද විශ්ව විද්‍යාල අධ්‍යාපනය හින්දා හාමුදුරුවන් ට තමන් ගිහියකුට වඩා වෙනස් වගකීම් සහ යුතුකම් ඇති පිරිසක්ය කියන එක අමතක වෙලා තියෙනවා. සේරම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කරන දේවල් සංඝයාට ඔබින්නේ නැහැ. ගිහියන් ඉගෙනගන්න විෂයන් සේරම සංඝයාට ඉගෙනගන්න වටින්නේ නැහැ. සමාජයට සේවයක් කරන්නට තමන්ගේ සංඝ චරියාවට ගැළපෙන දෙයක් ඉගෙන ගන්න අවස්තාව සලස්වන්න ඕන. ගිහි ශිෂ්‍යයන් එක්ක අත් වැල් බැදගෙන ඉගෙන ගන්න එක හාමුදුරුවන්ට ගැලපෙන්නේ නැහැ.

Q: අද සංඝයාව  නිතොර විවේචනයට  පත්වෙලා තියෙනවා. මේක අසාධාරණයක් නෙමෙයිද?

A: ප්‍රාථමික අවස්ථාවේම භික්ෂු අධ්‍යාපනය දියුණු කලොත් අපේ සංඝයා වහන්සේලා  හොඳ සිල්වත් ගුණවත් අය වෙනවා. අධ්‍යාපන ක්‍රමයෙන් රටටත් ආගමටත් යහපතක්ම වෙන විදියට එය වෙනස්කලොත් ඒක කරගන්න පුළුවනි. වැරදි සොයමින් හාමුදුරුවන් විවේචනය කිරීමෙන් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. වැරද්දක් දැක්කාම එය  හදාගන්න  දීලා අපේ තරුණ හාමුදුරුවන් රක ගන්නවා මිස අගුණ කියා කියා ඔවුන් සිවුරු හැරවීමෙන් සාසනයට වෙන්නේ ලොකු හානියක්.

Q: අද ඇතිවීගෙන  ජාතිවාදී උණුසුම මැඩලන්නට හාමුදුරුවන් ගෙන් මොනයම් මගක් ගත යුතුද?

A: අපේ ඉතිහාසය ගැන මිනිස්සුන්ට ඉගැන්නීම හාමුදුරුවන්ගේ වගකීමයි. අපේ රට බේරා ගන්න සංඝයා නිතොරම ඉදිරිපත් වුන බව ඉතිහාසය දන්නා අය දන්නවා. තෙරිපුත්හාභය හාමුදුරුවෝ සිවුරු හැර  හමුදාවට එක්වී යුද්ධ කළා. එහෙම පුළුවන් හාමුදුරුවන් වහන්සේ කෙනෙක් අදත් එහෙම කලාට කමක් නැහැ. රජවරු සංඝයාගේ අනුදැනුමෙන් තොරව සටනට නැහැ. මේ ජාතිවාදී ප්‍රශ්නයට සියලු සංඝයාගේ එක සිත් ඇති ප්‍රතිපත්තියක් ඕනෑ වෙලා තියෙනවා.

Q: ඔබ වහන්සේ ධීවර කර්මාන්තයට විරුද්ධ බව කියනවා. ඒ ගැන යමක් කීවොත්..

A: මාළු මරණ අයගේ දරුවන් හොඳින් ඉන්නවාද හොඳින් ජීවත් වෙනවාද කියා වරක් බුදුන් වහන්සේ ඇහැව්වා. ඒ නිසාමයි ධීවර කර්මාන්තයට මගේ අකමැත්ත. ආණ්ඩුවෙන් මේ වැඩේ කර්මාන්තයක්ය කියා ආර්ථික ලාභ ගන්නට කලත්, අපේ බෞද්ධ සංස්කෘතියට මෙය කොහොමටවත් ගලපන්නට බැහැ .මේ වගේ දේවල් වෙද්දී දෙවි දේවතාවනුත් ස්වභාව ධර්මයත් කිපෙනවා. නියන් වසංගත, සුනාමි, ලෙඩ දුක් මිනිසුන්ට වින කරනවා. ආදී කාලේ හිටි අපේ බෞද්ධ රටවැසියෝ ගොවිතැනෙන් දරු පවුල් රැක්කා . අද පවුල් නඩත්තුවට මාළු මරන්න හරක් මරන්න යන එක ගැලපෙනවද?


1997 මැයි මස 18 වැනි දින ” SUNDAY TIMES”  පුවත් පතෙහි පළවූ ලිපියක සිංහල අනුවාදයකි.

signature-2

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s