පුජ්‍ය වැලිගම ශ්‍රී සුමංගල ස්වාමින්වහන්සේ

Weligama-Sri-Sumangala-Maha-Nayake-Theroවසර 1825 දී වැලිගම ධනවත් පව්ලක උපත ලැබූ සුමංගල හිමියෝ වෛද්‍ය විද්‍යාලයට යවා දොස්තර කෙනෙක් කරවන්නට ඔහුගේ දෙමව්පියන්ගේ අභිලාශය විය. නමුත් ළදරු විය සිටම පැවැති රෝගී තත්වය නිසා අදහස් වෙනස් කරන්නට දෙමහල්ලන්ට සිදු විය. තමන්ට මුහුණ පානට වෙන කායික වේදනා තමන්ගේ නිස්සරණය පිණිස යොදා ගන්නට සිතු ඔහු වයස 1837 වසරේදී තමනට වයස අවුරුදු දොළහේදී සසුන් ගතවිය. මහා සංස්කෘති විශාරදයෙක් ලෙස ප්‍රසිද්ධව සිටි බෙන්තොට පුරාන විහාරාධිපති බෙන්තොට අත්තදස්සි මාහිමියන් වෙත සාමනේර ශිෂ්‍ය ප්‍රව්ජ්‍යාවෙන් මහන විය. ගුරු හිමියන්ගෙන් පාලි හා සංස්කෘත භාෂාද ත්‍රිපිටක ධර්මයද උගත් සුමංගල තෙරණුවෝ වඩාත් ප්‍රසිද්ධ වුයේ උන් වහන්සේගේ විශාරද ධර්ම ඥානය නිසාය. අදද බෞද්ධ ව්‍දවතුන් පරිශීලනය කරන ග්‍රන්ථ රැසක් උන්වහන්සේ ලියා ප්‍රසිද්ධ කළේය. ඒ ලිපි ලේඛන අතර හිතෝපදේස පදාර්ථ වික්නය, උපදෙස විනිශ්චය, සිද්ධාන්ත සේකරය වැනි මහා කෘතීන් වෙයි.

මනුෂ්‍ය ප්‍රජාවට සේවය කිරීම උන් වහන්සේගේ ප්‍රධාන අරමුණ විය. කුල ගොත්, ආගම් , කිසිවකින් වෙන් නොකොට සිල්ලන්ගේ හිත සුව පිණිස කල හැකි සියල්ල ඉටු කිරීම උන්වහන්සේ ගේ සියලු ක්‍රියාවන්ගෙන් පිළිඹිබු වෙයි. බෞද්ධයන් පමක නොව කිතුනුවො ද උන්වහන්සේට ගරු බුහුමන් කලෝය.  බුදු සසුනේ පෙර කල හුන් රහතුන් වහන්සේලා මෙන් සිය ජීවිතයම නිකෙලෙස්ව ගෙවන්නට උන් වහන්සේ ට හැකි විය.

මිෂනාරීන් විසින් මෙහෙයවන ලද ආණ්ඩුව විසින් අධ්‍යාපනය, ක්‍රිස්තියානි ධර්මය පතුරුවන්නට මෙවලමක් සේ පාවිච්චිකරමින් තිබු ඒ යුගයේ ලාංකීය දු දරුවනට බෞද්ධ පාසල් ඇති කරන්නට උන්වහන්සේ පානදුරේ රන්කොත් විහාරයට අනුබද්ධිතව සුගතෝදය නමින් විද්‍යාලයක් ආරම්භ කරන්නට කටයුතු කළේය.

ආසියාවේ ආලෝකය (Light of Asia) නමින් ලෝක ප්‍රසිද්ධවූ ග්‍රන්ථය ලිවූ  ශ්‍රීමත් එඩ්වර්ඩ් ආර්නෝල්ඩ් මහතා (Sir Edward Arnold, 1832 — 1904)  සුමංගල හිමියන්ගේ කිට්ටු මිතුරෙක් විය. බෝසතුන්  බුද්ධත්වට පත්, බෞද්ධ ලෝකයේ මුදුන් මල් කඩ වන, බුද්ධගයාව හින්දුන් විසින් අයත් කරගෙන හින්දු ආගමේ දේවස්ථානයකට පත් කරගෙන සිටීම ගැන ලෝකයාට දන්වා ලෝක මතයක් ඇති කළහොත් එය බෞද්ධයන් ගේ අවධානයට ලක් වෙතැයි සිතු සුමංගල හිමියෝ  එවකට ලන්ඩන් ටෙලිග්‍රාෆ් (London Telegraph) පුවත් පතේ කතෘ  ලෙස   කටයුතු කල  ආර්නෝල්ඩ් මහතා  ලවා 1885 දී , මහන්තා ඇතුළු හින්දුවරු බුද්ධගයාව් පත් කර ඇති දුක්ඛිත තත්වය ගැන ප්‍රවුර්ති වාර්තා එංගලන්තයේ පලවූ එම පුවත් පතේ ප්‍රසිද්ධ කරවන ලදී. මේ වාර්තා කියවා ඉන් කම්පාවට පත් අනගාරික ධර්මපාල තුමා  1891 අප්‍රෙල් මස බුද්ධගයාව නැවත බෞද්ධයන්ගේ අයිතියට පත්කර ගැනීමේ අධිෂ්ඨානයෙන් පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අනුශාසකත්වය යටතේ “මහා බෝධි සමිතිය” නමින් සමිතියක් පිහිටුවා ගත්තේය. එම සමිතිය මගින් බොහෝ දුෂ්කරතා මැඩලා ගෙන හින්දු අයිතීයෙන් බුද්ධගයාව  මුදා ගන්නට හැකිවුයේ 1949 වර්ෂයේදීය.
Weligama_Sumangala_1825 උන්වහන්සේගේ අති උත්තම ජීවිතයත් බෞද්ධාගමට කල සේවයත් අගය කරනු රිසි අමරපුර මහා නිකායේ සියලු සංඝයා වහන්සේ එම නිකායේ මහා නායක ලෙස සුමංගල හිමියන් තෝරාගනු ලැබුවේ වසර 1894 දීය.


මෙසේ රටටත් බෞද්ධයනටත් අසාමාන්‍ය සේවාවක් කල වැලිගම ශ්‍රී සුමංගල මහනායක ස්වාමින්වහන්සේ අවුරුදු 85 ක් ආයු වළඳා 1905 වසරේ මාර්තු 13 වැනිදින අපවත්වී වදාළ සේක.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s