පුජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්

වර්ෂ 1823 වන්නෙහි පෙබරවාරි නම වෙනි දින ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මිගෙට්ටුවත්තේ නොහොත් මොහොට්ටිවත්තේ බෞද්ධ පවුලක උපත ලැබීය. තම ළමා කාලයේ සිට ඔහු ළඟ පහත තුළ පදිංචිව පිහිටි ක්‍රිස්තියානි සභාව කතෝලික පූජකවරුන් සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගෙන සිටියේය. ඔහු කුඩා කලසිටම කිතුනු දහම ගැන මනා දැනුමක් ඇතිකරගත්තේ බයිබලය සහ අනෙකුත් බොහෝ කිතුනු ග්‍රන්ථ පරිශීලනයෙන් හා කිතුනු දේවගැති තුමන් සමග කල නොයෙක් සාකච්චා මගිනි.

ඔහු එක් අවස්ථාවක දී කතෝලික පූජකක් ලෙස ඉගෙන ගන්නට පවා සිතු බව සඳහන් වේ. මේ කාලයේදී අසල විහාරස්ථානවලට ගොස් භික්ෂුන් වහන්සේලාගෙන් බෞද්ධ දර්ණශය ගැන ඇතිකරගත් දැනුම ඔහුගේ ක්‍රිස්තියානි දහමට අත්ව තිබු පැහැදීම අඩුකරනට හේතු විය. නොබෝ දිනකින්ම ඔහු ගල උඩ විහාරය ලෙසද හඳුන්වන දොඩන්දුවේ කුමාර මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය තෙලිකඩ සෝනුත්තර නායක හිමියන් වෙත පැමිණ මිගෙට්ටුවත්තේ ගුණානන්ද යන පැවිදි නමින් මහන විය.

මෙහිදී පාලි හා සංස්කෘත භාෂා සහ බෞදධ ධර්මය මනාසේ හැදැරූ උන්වහන්සේ ට මේ කාලයේ පල වුන බෞද්ධ සහෝදරයා නම් සඟරාවේ පිටපත් කියවන්නට විය. මේ කාලයේ කොළඹ පලාතේ ක්‍රිස්තියානි මිෂනාරිවරුන් විසින් බෞද්ධ ජනතාවට සිදුකරන නොයෙකුත් අකටයුතු සහ හිරිහැර ගැන නොයෙක් වාර්තා එම සඟරාවේ පලවිය.  එම වාර්තාවල සත්‍යතාවය දැනගත් ගුනානන්ද  හිමියන් මෙම අකටයුතුකම් කරන මිෂනාරි වරුනට විරුද්ධව කතාකරන්නට කොළඹට යන්නට අදහස් කරගත්තේය වසර 300 කට වඩා දිගු ඉතිහාසයක් ඇති  කොළඹ පැරණිම පන්සලක් වූ කොටහේනේ දීපදුත්තාරාමය ට පැමිණ එහි සිට අබෞධයංගෙ ගැරහීම් වල ට පිළිතුරු දෙන්නට පටන් ගත්තේය.

Venerable_Migettuwatte_Gunananda_Thera_(1823-1890)

ක්‍රිස්තියානි ධර්මය ගැන ඔහු සතු ඉමහත් දැනීම නිසා බයිබලයේ ඇති නොයෙක් සාවද්‍ය දා ගුණානන්ද හිමියන් විසින් මතුකර පෙන්වීය. ක්‍රිස්තියානි මිෂනාරිවරුවරුන්  පත්‍රිකා හා පොත් මගින් කිතුනු ආගම ප්‍රචාරය කරන්නට නොයෙක් කටයුතු කරන ලදී. වෙස්ලි  සභාවේ  දේවගැති D J  ගොගලි  පියතුමා 1849 වසරේදී  ක්‍රිස්තියානි ප්‍රඥප්ති නමින් පාලක පොතට පිළිතුරු ලෙස ගුණානන්ද හිමියන් 1862 වසරේදී දුර්ලබ්ධි විනොදිනි නමින් පොතක් ප්‍රසිද්ධ කළේය. පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන ද 1862-63 වසර වල ක්‍රිස්තියානි වේද මර්ධනය , සම්‍යක් දර්ශනය නමින් පොත් දෙකක් ප්‍රසිද්ධ කරමින් අබෞද්ධයනේගේ මිත්‍යා දෝෂ දර්ශනවල පිළිතුරු දුන්නේය. සත්‍ය මාර්ගය, සත්‍ය ප්‍රකාශනය වැනි සඟරා මගින් ද , ලක්මිණි කිරුළ, ක්‍රිස්තියානි වාද විඝටනය, රිවිරැස ආදී පත්රිකා මගින්ද , සිංහල ජනතාවගේ විරුද්ධවාදීන් විසින් පවත්වන ලද වැරදි අදහස් සහ  බුදු දහම ට විරුද්ධ ව ලියා ඇති අසත්‍යයන්ද පැහැදිලි කරන්නට සුමන්ගල හිමියන් කටයුතු කළේය.

නොබෝ දිනකින්ම , මෙම ප්‍රකාශන ගැන ප්‍රසිද්ධ විවාදයන් කරන්නට කටයුතු යෙදින. බද්දේගම දී විහාරයේ දී ක්‍රිස්තියානි පූජකවරුන් සහ බද්දේගම දී කල විවාදය  මුහුණට මුහුණලා කල එකක් නොවීය   මුහුණට මුහුණලා කරන විවාදයක්  කළහොත් එම ස්ථානයක සිදුවිය හැකි කල කෝලාහල නිසා බෞද්ධයන්ට තවත් කරදර වන්නට හැකියයි සිතු සුමංගල හිමියන් බද්දේගම වාදය ලිපි ලේඛන වලින් කල එකක් විය. වර්ෂ 1865 දී උදන්විට විහාරස්තානයේදී පටන්ගෙන පසුව ගාල්ලේ සිට මෙම ලිපි හුවමාරුව සිදුවිය. මිගේට්ටුවතේ ගුණානන්ද හිමියන් හැරෙන්නට බුලත්ගම  ධම්මාලංකාර, ශ්රී සුමනතිස්ස, කහවේ ඥානානන්ද හික්කඩුවේ ශ්‍රී සුමංගල, වැලිගම ශ්‍රී  සුමංගල, පොතුවිල  ගුණරතන යන භික්ෂුන්වහන්සේලා මෙම විවාදයට සහභාගීවිය. වාදයට පාදකවූ මාතෘකාවන් වූයේ  මැවුම්කරු, ගැලවුම් කාරයා සහ සදාකාලික ස්වර්ග  රාජ්‍ය යන කරුණුය. ගම්පොළ විවාදය පැවැත්වුයේ 1871 වසර ජුනි මාසයේදීය. බෞද්ධ පාර්ශවයෙන්  ගුණානන්ද හිමියන් හා පණ්ඩිත බටුවන්තුඩාවේ මැතිතුමාද ක්‍රිස්තියානි පාරශාවය වෙනුවෙන් චාල්ස් කාටර් දේවගැතිතුමා  ගේ කණ්ඩායම ද සහභාගී විය. වරාගොඩ විවාදය වසර 1865 දී පැවති අතර , ලියනගේමුල්ල විවාදය 1866 දී සිදු විය.

මෙම මේසියලු විවාද අන්තිමට කුළුගැන්වුයේ 1873 අගෝස්තු 26 සිට28 වැනි දා දක්වා පානදුර පැවැති ලෝක ප්‍රසිද්ධ පානදුරා වාදයට ය.

1873 ජුනි මස 12 මිනිස් ආත්මයක් ඇති යන ක්‍රිස්තියානු ඉගැන්වීම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලින් ප්‍රතික්ෂේප කිරීම සාවද්‍යයයි යන කාරණය ඔප්පු කරන්නට ත්‍රිපිටකයේම කොටස් ගෙන හැර පාමින් ඩේවිඩ් සිල්වා පියතුමා කල කතාවක් නිසා බොහෝ බෞද්ධයන් කුපිතව සිටියහ. ඔහුගේ කතාවේ කාරනා පිළිබඳව වාදයක් කරන්නට යයි බෞද්ධයන් ගුණානන්ද හිමියන්ට ආරාධනා කළහ.මෙම වාදයට ක්‍රිස්තියානි පාර්ශවය වෙනුවෙන් ඩේවිඩ් සිල්වා පියතුමා , එස් ලන්ග්දොන් පියතුමා, රිච්මන්ඩ් විද්යාලයේ විදුහල්පති. එස් ටැබ් පියතුමා , එස් කෝල්ස් පියතුමා , සී ජයසිංහ, එෆ් රොද්රිගු, සිරිමාන්නමහතා, සොයිසා මුදලිතුමා ද දුනුපොල නිලමේ ආදී විසාල පිරිසක් ඉදිරිපත් ව සිටියහ.  මෙම බලවත් විපක්ෂය හමුවේ වාදයට ගුණානන්ද හිමියන් සමග සහභාගී වුයේ හික්කඩුවේ ශ්රී සුමංගල හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි, පොතුවිල ඉන්ද්‍රජෝති හිමි, කොග්ගල සංඝතිස්ස හිමි, තල්හෙනේ අමරමෝලි හිමි, මුල්ලෙරියේ ගුණරතන හිමි යන හිමිවරුන් ය. පටිච්ච  සමුප්පාද ධර්මය, කර්මය, පුනර්භවය, නිර්වාණය වැනි බෞද්ධ ඉගැන්වීම් සහ ආත්මවාදය මළවුන්ගෙන් නැගිටීම සර්වබලධාරී දෙවියන් වැනි ක්‍රිස්තියානි ඉගැන්වීම් මෙම විවාදයට අඩංගු විය. ගුණානන්ද හිමියන්ගේ චතුර කතා ශෛලිය නිර්භීතව ක්‍රිස්තියානි බයිබලයෙන් කරුණු ගෙන හැර පෑමේ හැකියාවද නිසා මෙම විවාදයෙන් ක්‍රිස්තියානින් අන්ත පරාදයකට පත් වුහ. මෙම පානදුරා වාදයේ සියලු කතා කියවන්නට https://panadurawadaya.wordpress.com  click කරන්න.

මෙම විවාදයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කල කතාවල ගාම්භීර කම නිසා ලද බෞද්ධ ජයග්‍රහණය දේශීය වශයෙන් බ්‍රිතාන්‍ය පාලකයන්ගේද මිෂනාරිවරුන්ගේද රැවටිලිවලට බලපෑමට යටත්ව  වේගයෙන් ක්ෂය වෙමින්  තිබු සිංහල බෞද්ධ අභිමානය නැවත ඇති කර දෙන්නට ප්‍රමුක බලවේගයක් විය.

‘CEYLON TIMES’ සඟරාවේ කර්තෘවරයා වූ ජෝන් කූපර්  විසින් මෙහෙයවනු ලැබ එඩ්වඩ් පෙරේරා මහතා විසින් , ඉංග්රීසි භාෂාවට පරිවතනය කල  මුළු විවාදයේ සාරාංශය අඩංගු සඟරාවේ පිටපත් දහස් ගණනක් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරනු ලැබීය. ගාල්ලට පැමිණ සිටි Feeble මහතාට ලැබුන මෙම සඟරාවේ පිටපත ඔහු ඇමෙරිකාවට ගෙන ගොස්  ශ්‍රී ලංකාවේ බෞද්ධයන  ක්රිස්තියානි ආගමේ සැබෑ තත්ත්වය පෙන්වා ඇති ආකාරය ගැන බුදු දහම සහ කිතුනු දහම මුහුණට මුහුණ සටන (BUDDHISM AND CHRISTIANITY FACE TO FACE) නමැති පොතක් ලියා ප්‍රසිද්ධ කළේය. එම පොතේ පිටපතක් කියවූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බුදු දහම ගැන තව තවත් සොයා කියවන්නට පෙළඹුණි . තමන් සොයමින් සිටි වීශ්වයේ රහස් හෙළිකර දෙන එකම ආගම බුද්ධාගම බව වටහාගත් මෙතුමා ලංකාවට පැමිනීමට අදහස් කරගත්තේය. 1880  වසරේ මැයි 17 වැනිදා ලංකාවට පැමිණ සිංහල බෞද්ධයන් ට ක්‍රිස්තියානි පාලකයන්ගෙන් වෙන අනෙක හිරිහැර දැක බෞද්ධ පුනර්ජීවන ව්යාපාරයක් පටන් ගන්නට දේශීය බෞද්ධයන් මෙහෙය වීය. මෙම පුනරවෝදය නිසාම ක්‍රිස්තියානින් විසින් අධිපතිකම් ගෙන තිබු  අධ්‍යාපන කේන්ද්‍රයන් අතර ට කොළඹ ආනන්ද විද්යාලය, ධර්මරාජ විද්යාලය, මහනුවර, පේරාදෙණිය, හා පානදුර ශ්‍රී  සුමංගල විද්යාලය ආදී බෞද්ධ පාසල් බිහි විය.  පූජ්ය. ගුණානන්ද හිමියන් 1880 සැප්තැම්බර් 21 දී අපවත්වී වදාළහ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s