පුජ්‍ය හොරණ වජිරඥාන හිමියන්


හොරණ වජිරඥාන ස්වාමින් වහන්සේ

රාජකීය පණ්ඩිත ආචාර්ය හොරණ වජිරඥාන ස්වාමින් වහන්සේ  හොරණ , කන්ද උඩ වත්තේ උපත ලද්දේ 1926 වසරේදීය.. උන් වහන්සේගේ ගිහි නම ධර්මදාස විය. තෙවස් වියේදීම ධර්මදාස දරුවා හොරණ වජිරඥාන නමින් 1929 වසරේ මැයි මස  29 දින සාසන ගත විය. හොරණ බෞද්ධ මිශ්‍ර  පාසලේ දී තම මුලික අධ්යාපනය ආරම්භ කරන ලද ඔහු දීප්තිමත් ශිශ්‍යයකු විය.සිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය විද්‍යාලංකාර පිරිවෙන් විශ්ව විද්‍යාලයෙන් නිමකළ උන්වහන්සේ  1969 දී  විද්යාලංකාර විශ්ව විද්යාලයේම සිය පශ්චාත් උපාධිය නිම කළේය.

1948 වසරේදී සිය පළමු සේවය ලෙස හොරණ විද්යාරත්න පිරිවෙනේ ගුරුවරයෙකු ලෙස පත් වූ උන්වහන්සේ උන් වහන්සේ  විද්යාරත්න පිරිවෙනේ යහපත වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකොට 1959 වසරේදී විද්යාරත්න පිරිවෙනෙහි  විදුහල්පති බවට පත් විය. 1970 වසරේදී තමන් විශ්‍රාම ගන්න තෙක්ම උන් වහන්සේ මෙම තනතුර දැරීය.

අපේ කාලයේ ශ්‍රේෂ්ටතම ලේඛකයන්ගෙන් කෙනෙක් වන හොරණ වජිරඥාන ස්වාමින්වහන්සේ 1956 වසරේදී සාහිත්‍යය අනුනායක මණ්ඩලය සඳහා සාමාජිකයෙකු වශයෙන් පත් කරන ලද අතර 1957 දී එම මණ්ඩලයේ සභාපතිත්වයට පත්විය. සිය ජීවිත කාලය තුළ උන්වහන්සේ විසි පහකට වඩා වැඩි පොත් සංක්‍යාවක් ලියු අතර බුදු දහම, බෞද්ධ සාහිත්‍යය ඒවාට මාතෘකා විය. උන්වහන්සේ නිතොර සිළුමිණ, සිංහල ජාතිය , සරසවි සඳ රැස , බුදු සරණ, නව යුගය, රසවාහිනි ආදී සිංහල පුවත්පත් හා සඟරා වලට ශාස්ත්‍රීය ලිපි සැපයීය.

හොරණ වජිරඥාන ස්වාමින්වහන්සේ ලංකා ගුවන් විදුලියේ කල ධර්ම දේශනා ඉතාමත් ජනප්‍රිය විය. ගුවන් විදුලියේ බෞද්ධාගමික අංශයේ උපදේශක ලෙස උන්වහන්සේ ගේ සේවය ලබා ගන්නට එවකට ගුවන් විදුලිය කල තේවිස් ගුරුගේ,  කොළඹගේ වැනි මහත්වරු සමත් වුහ. සිංහල ශබ්ද කෝෂය පිළියෙළ කිරීමට උන්වහන්සේගේ දායකත්වය නැතිවම බැරි විය.අපවත්වනතෙක්ම සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ තනතුර දැරුවේ උන්වහන්සේය.

සිංහල භාෂාව හා බෞද්ධ සමාජයට උන්වහන්සේ කල  ප්‍රශංසනීය සේවාව,අගය කරමින්  මල්වතු මහා සංඝ සභාව මගින් 1980 දී රයිගම්, හේවාගම් හා සල්පිටි කෝරළ වල ප්‍රධාන සංඝනායක ලෙස වජිරඥාන හිමියන් නම් කරමින් පූජ්ය ගෞරවනාමයක්  ප්‍රදානය කරන ලදී.

සිංහල භාෂාව හා බෞද්ධ සමාජයට උන්වහන්සේ කල ප්‍රශංසනීය සේවාව,අගය කරමින් මල්වතු මහා සංඝ සභාව මගින් 1980 දී රයිගම්, හේවාගම් හා සල්පිටි කෝරළ වල ප්‍රධාන සංඝනායක ලෙස වජිරඥාන හිමියන් නම් කරමින් පූජ්ය ගෞරවනාමයක් ප්‍රදානය කරන ලදී.

ජාතියට සහ ආගමට මෙසේ අනේක ආකාරයෙන් උපකාරී වූ මේ සංඝ පීතෘන් වහන්සේ අසු හතර වියේදී අපවත් වී වදාළේ 2004 වසරේ අගෝස්තු 21 වැනි දාය. අපේ ස්වාමින් වහන්සේට නිර්වාන සම්පත්තිය හිමි වේවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: