පුජ්‍ය බෙල්ලන ඥානවිමල නායක ස්වාමින් වහන්සේ (1920-2014)

Ven Bellana Gnanawimala Thero

ඥානවිමල හිමියන්, කළුතර දිස්ත්රික්කයේ පස් යොදුන් කෝරළයේ බෙල්ලන ගම්මානයේ බෙල්ලන විතානගේ බාරොන් අප්පුහාමි පියතුමා සහ  පල්ලියගොඩ විතානගේ අමාරිස් හාමිනේ මව්තුමියගේ පවුලේ අටවැනියා සහ අන්තිමයා ලෙස 1920 වසරේ මාර්තු 26 වෙනිදා උපත ලද්දේ බෙල්ලන විතානගේ නෝනිස් නමින් නම් කෙරින.

බෙල්ලන ප්‍රාථමික  විද්යාලයේ දී ඔහුගේ මුල් අධ්යාපනය ලබා ඔහුට වසර නවයක් වත්දී  1929 වසරේ මැයි 23 දින බෙල්ලන ශ්‍රී  ධර්මපාල පිරිවෙනෙහිදී පුජ්‍ය රන්තොටුවිල සෝරත නායක ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයෙක් ලෙස, බෙල්ලන ඥානවිමල නමින් සසුන් ගත කරන ලදී. ඥානවිමල හිමියන් 1940 ජූනි හතර වැනි  දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජ මහා විහාරයීය මංගල උපොසතාගාරයෙදී පුජ්‍ය කිරිඇල්ලේ විමලසාර නායක හාමුදුරුවන්ගේ අධීක්ෂණයෙන් ඉහළ උපසම්පදාව ලබාගන්නට සමත් විය.

බෙල්ලන ධර්මපාල පිරිවෙනෙහි ධර්ම අද්‍යාපනය ලැබූ ඥානවිමල තෙරණුවෝ  සිංහල, පාලි, සංස්කෘත, හින්දි, ඉතිහාසය, තර්ක ශාස්ත්‍රය උගත්තේ ප්‍රාචීන පණ්ඩිත විභාගය  පළමු පෙලේ සම්මාන සහිතව සමත් විය. පසුව  සඳහා”හෙළදිව අටුවා යුගයේ අධ්‍යාපනය ” නමින් කල නිබන්ධනය වෙනුවෙන් උන් වහන්සේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් එම. ඒ. M.A.(පශ්චාත් උපාධිය ) පිරිනැමිණි.

1945 වසරේ සිට පරවාහැර වජිරඥාන හිමියන් විසින් පවත්වාගෙන ගිය මහා බෝධි ධර්මදුත විද්‍යාලයේ පුහුණු වීමෙන් පසුව 1947 වසරේදී ධර්ම ප්‍රචාරය සදහා උන්වහන්සේ ඉන්දියාවට යවනු ලැබීය. ඉන් පසුව පූජ්ය ඥානවිමල හිමියන් එංගලන්තය , ඇමෙරිකාව , ප්‍රංශය ජපානය තායිවානය මලයාසියාව තායිලන්තය කොරියාව සහ චීනය ආදී බොහෝ රටවල බෞද්ධ උත්සව සදහා ඒ ඒ රටවලට නොයෙක් වර වැඩම කරන්නට යෙදුනි.

බෞද්ධ ගුරුවරයෙකු ලෙස බෙල්ලන ශ්‍රී  ධර්මපාල පිරිවෙනනෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ පූජ්ය ඥානවිමල හිමියන්ට 1950 වසරේදී එහිම විධ්යාලයාධිපති ලෙස පත්වීම් ලැබ 1976 දක්වා එම තනතුර ඉසිලීය.  ඥානවිමල හිමියන්  එම ආයතනයේ ආගමික හා ශාශ්ත්‍රීය අධ්‍යාපනය සඳහා විශාල මෙහෙයක් ඉටු කළේය. 1976 දී මාලිගාකන්දේ  විද්යෝදය පිරිවෙනෙහි  කථිකාචාර්ය වරයෙකු ලෙස පත්වීමක්  ලත් උන්වහන්සේ නොබෝ කලකින්ම එහි උප ප්‍රධාන පරිවෙනාධිපති ලෙස පත්වීම් ලබා භික්ෂු අද්යාපනට ඉමහත් සේවයක්  සැලසීය.  විද්යෝදය විශ්වවිද්යාලයේද  බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙස 2006 වසර තෙක්  බෞද්ධ අධ්යාපනය සඳහා විශිෂ්ට සේවාවක්  සිදු කරිණි.

කුසලතා සපිරි ගුරුවරයෙක් සහ ඉහලම පෙලේ විද්වතෙකු ලෙස සියලු දෙනා වහන්සේම සැලකු බෙල්ලන ඥානවිමල මහා නාහිමි 2011 වසරේදී මහා වංශය පස් වෙනි කොටසේ කතෘන් ලෙස කටයුතු කළේය බෙන්තොට විහාර පාර්ශවයේ කාරක සංඝ සභාවට පත්කරනු ලැබූ  ඥානවිමල  ස්වාමීන් වහන්සේ, 1984 දී එහි ප්‍රදානියා ලෙස උසස් කරනු ලැබීය  අනතුරුව 1999 දී ඔහු ශ්‍රී  කල්යාණි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවිය ට පත් කරනු ලැබීය  වසරකට පසු  2000  දී සංඝ සභාව ඥානවිමල ස්වාමීන් වහන්සේ  ශ්‍රී කල්යාණි  සාමග්‍රී  ධර්ම මහා සංඝ සභාවේ 11 වන මහනායක ලෙස පත්වීම් ලැබූ සේක.

ඥානවිමල ස්වාමීන් වහන්සේගේ තවත් කැපී පෙනුන දක්ෂතාවක් නම් ගැඹුරු සංකීර්ණ විෂයන් සරල සුගම බසින් බොහෝ දෙනාට තේරුම් යන ලෙස විස්තර කර ලිවීමට තිබු හැකියාවය. උන් වහන්සේ ලිවූ පොත් අතර  සදහම් (1950),  පට්ඨාන ඥාන නිරුපනය (1962), ජීවන රටාව සහ සසර පැවැත්ම (1992), පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් (1998), මනස සරු කරන දැහැමි සිතුවිලි (1999), විස්මිත විශ්වය සිසාරා (2000) මෙන්ම ඉතා ශාස්ත්‍රීය  අශෝක ශිලා ලේඛන (1964), ශ්‍රී සුමංගල සතකය (පාලි-1987), අලහබාද් සිලා ලේඛනය (1998), සංස්කෘත සබ්ද්‍රනාවය (1999), අභිඥාන සකුන්තලාව (1965) බුද්ධ චරිතය ( අවසන් කරන්නට නොහැකි වූ ) ආදී පොත් වේ. මේ හැරෙන්නට පුවත්පත් සඟරා ගණනාවකම  ලිපි ලේඛන පල ව ඇත

උන්වහන්සේ  බුද්ධ ශාසන පිළිබඳ ජනාධිපති කොමිසම, පිරිවෙන් අධ්යාපන පිළිබඳ කාරක සභාව,  මහාවංශය සංග්‍රහ කමිටුවේ සභාපති ධුරය , බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ උත්තරීතර මණ්ඩලය  ප්‍රාචීන භාෂෝපකාර සමිතිය ආදීන් හි නොයෙක් තනතුරු හොබවමින් ආගමික, අධ්යාපනික හා සමාජයික උන්නතිය සදහා සිය කාලය සහ ශ්‍රමය පිරි නමා ඉමහත් මෙහෙවරක් ඉටු  කල සේක.

ගෙන් ඉටුවූ ඇති මහත් සේවාව අගය කරමින් දේශීය මෙන්ම විදේශීය ආයතන සහ රජයන් උන් වහන්සේට ගෞරව නාම සහ සම්මාන පුදා ඇත. ඒවා අතර බුද්ධශ්රාවක භික්ෂු විශ්ව විද්යාලය මගින් පිරිනැමූ ශාෂ්ඨ්රපති ගෞරව උපාධිය , විද්යාලංකාර පිරිවෙන මඟින් පිදු “බෞද්ධ සාහිත්‍ය ශුරි” උපාධිය විද්යෝදය පිරිවෙන විසින් පිරිනැමූ “ශ්‍රී සුමංගල විද්යාවතංස” සම්මාණය සහ මියන්මාර රජය විසින් පිදු “අග්ග මහා පණ්ඩිත” සම්මානය නම් කල හැක.

වසර 94ක් ආයු වැළද , රටටද සාසනයටද ඉමහත් සේවාවක් කල පුජ්‍ය බෙල්ලන ඥානවිමල නායක ස්වාමින් වහන්සේ 2014 ඔක්තෝබර් 5 වෙනි දින අපවත්වී වදාළ සේක. අපේ පින්වත් ස්වාමින් වහන්සේ පැතූ  බෝධියකින් නිර්වාන  අවබෝධ කරත්වා.

උන් වහන්සේ විසින් කලකට පෙර මරණය සහ පසු පැවැත්ම අලලා ලංකා ගුවන් විදුලියේ කල අනර්ග ධර්ම දේශනාවක් උන්වහන්සේට උපහාර පිණිස ඔබට අසන්නට සලස්වමු.


මරණින් මතු ජීවිතය – පුජ්‍ය බෙල්ලන ඥානවිමල හිමියන් කළ ගුවන් විදුලි ධර්ම දේශනාව 

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.