හේන්පිටගෙදර ඥාණසීහ හිමියෝ

දොන් බස්තියන් පෙරේරා සකලසුරිය රාලහාමි පියාණන්ට සහ දෝන ඇලිස් ජයසිංහ හාමිනේ මව් තුමියට දාව 1909 දෙසැම්බර 18 වැනි දින උපන්නේ සමරවීර සකලසුරිය නමින් නම් කෙරුණි.එවකට තම නිවසට යාබදව පිහිටි හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර පාසලින් මුලික අධ්‍යාපනය  ලැබූ සමරවීර දරුවා අධ්‍යාපනයෙහි මහත් කුසලතා දැක්වුවේය එවකට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පැවැත්වූ දක්ෂම ශිෂ්‍යයා තෝරන ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු කොළඹ පළාතෙන්ම සමත් වුයේ ඔහු පමණකි.වැඩිදුර ඉගෙනීමට එංගලන්තය යාමට පවා හිමිකක් ඇති එම ශිශ්‍යත්වයට අනුව කොළඹ මිෂනාරි පාසලකට ඇතුළුවීම වෙනුවට සකලසුරිය ශිෂ්‍යයා 1919 ජනවාරි 16 වැනිදින ඉතා ලාබාල වියේදීම හේන්පිටගෙදර ඥාණසීහ නමින් සාමනේර ප්‍රව්ජ්යාවෙන් මහන බිමට ඇතුළු කරනලද්දේ මුදුගමුවේ පන්සලේ නායක හාමුදුරුවන් විසිනි. අනතුරුව සාමනේර බන දහම් හා වත් පිළිවෙත් උගැන්මට බලගල්ලේ සරස්වතී පරිවේනාධිපති පුජ්‍ය හිස්සැල්ලේ ඥානෝදය මාහිමියන් භාරයට පත්විය. එහිදී උන්වහන්සේ තුල තිබු සහජ දක්ෂතා ඔප මට්ටම් කරමින් ප්‍රාචීන ප්‍රාරම්භක පරීක්ෂණ යන්ගෙන් විශිෂ්ට සාමාර්ථ ලබා 1939 වසරේදී අවසන් විභාගය සමත්වූයේ උභයශේකර ස්වර්ණ මුද්‍රිකාව සහිත රාජකීය පණ්ඩිත උපාධිය ද සමගය.

අනතුරුව බලගල්ල සරස්වතී පිරිවෙනෙහිම ආචාර්යවරයෙකු ලෙස සේවය කරත් දී උන්වහන්සේගේ සේවය ලබා ගන්නට බොහෝ පලාත්වල පරිවේනාධිපතීන් වහන්සේලා උත්සාහ කළහ මේ අතර සරස්වතී පිරිවෙනෙම ආදී ශිෂ්‍යයෙකු වන රත්නපුර තිරිවාන කැටියේ මූල මහා විහාරාධිපති එළමල්දෙණියේ ශ්‍රී සුමෙධාලන්කාර හිමියන්ගේ ඉල්ලීම අනුව 1934 වසරේදී රත්නපුරයට වැඩම කළහ. එදා මුද්දුවේ තිබු අම්බලම සහිත කුඩා බිම් තීරුවේ රත්නපුර පළාතේ කීර්තිමත් දානපතියෙක්, ඒ සී ආටිගල මැතිතුමා ගේ ධන පරිත්‍යාගයෙන් සහ කළමනාකරණයෙන් බිහිවුන මෙම පාසල පමණක් බෞද්ධ අධ්යාපනය හද්දරණට හැකිවුයේ අනෙක් සියලු පාසල් විදෙෂීය ආණ්ඩුවලට හා මිෂනාරි වරුන්ට අයත්ව තිබු නිසාය.

Henpitagera-Nanseeha-Thero

සුමන විද්‍යාලයේ දරුවනට බුද්ධාගම සහ භාෂා ශාස්ත උගන්වන අතර සිය දෛර්යය නිසාම සිරි සුමන බාලිකා විද්‍යාලය, බුළුගහපිටිය ඇහැළියගොඩ ශ්‍රී සුමන විද්‍යාල ය තුම්මෝදර සුමන විද්‍යාලය තෙප්පනාව ශ්‍රී සුමන විද්‍යාල ය ඉඟිනියාගල විද්‍යාර්ථ පිරිවෙන වතුපිටියේ සාරිපුත්ත පිරිවෙන මුවගම්කන්ද විද්‍යාලය පාතකඩ විද්‍යාලය සර්වෝදය ප්‍රජා නායකත්ව භික්ෂු අද්‍යාපන කේන්ද්‍රය ආදී පාසල් සහ පිරිවෙන් රැසක්ම ඇති කරන්නට සමත්වූහ.

මේ වනවිටත් ධර්මය පාරම්පාරිකව ඇදහු භික්ෂුන්වහන්සේලා ගුරු පරපුරෙන් ඉගෙනගත් බෞද්ධාගම ට වැඩ දෙයක් බුදුන් වදාළ ධර්මයේ ඇත්දැයි සොයන්නට නැබුරු වුයේ නැත. ඥාණසීහ හිමියෝ සියලු දෙනාගේ විශ්වාසයන්ගෙන් වෙන්ව තනිව ත්‍රිපිටකයේ පාලි වදන්වල නියම අර්ථයන් අනෙකි සුත්රාන්ත ධර්මයන් හා ගලපා විප්ලවීය ධර්ම ගවේෂණයක යෙදුනි. බොහෝ සංඝයා වහන්සේ ඥාණසීහ හිමියන්ගේ මෙම පිළිවෙලට විරුද්ධ වන්නටත් විරුද්ධව කතා කරන්නටත් වුහ.

පන්සලට පමණක් සීමා නොවී ජාතියේ අවස්තාවන් සඳහා දේශපාලනයට ද සම්භන්ද වූ උන්වහන්සේ 1956 දී ගරු බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ දේශපාලන විප්ලවයට පිටුපසින් සිටි අදුෂමාන බලවේගයකි.
සිය විශ්වාසයන් සඳහා සිරබත් කන්නට පවා සිදුවුණද සත්‍ය තමා වෙත බව උන්වහන්සේ නිතර විශ්වාස කළේය.
සිරගතව ගතකල සිව් වසර තුලදී සිය ග්‍රන්ථ ලේකන කටයුතුවල නිමවූ උන් වහන්සේ කල සිංහල හා සංස්කෘත ලේකන අතර දෙවියෝ (1946), සිංහල මේඝ දුතය, අභිධර්ම පරීක්ෂණය, සාධාර්ම ගැතිකම්,සිංහල රඝු වන්ශය මහා රහතන් වහන්සේ, සියබස්ලකර විස්තර වර්ණනා විඥාන ප්තිමත්රය, සිද්ධි වාදය, බෞද්ධ දර්ශනය සහ සාහිත්‍යය, ගාමිණි ගීත, නාම පත්ත ගාමිණි චරිතය, මහා පැරකුම් විරිත, මිනිසා හා ජීවිත පරමාර්ථය, ලෝකය, සසල්, අන්ධකා විනය, කලාව කුමක් පිණිසද, ශුන්‍යතා ධර්ෂණය, විද්‍යාව සහ බුදු දහම, ඥාණ ප්‍රස්තානය, උපාධියෙන් පසු බුද්ධ ධර්මය, සත්වයා අභිධර්මය ගැන ප්‍රශ්න හා පිළිතුරු, හෙන්පිටගේදෙරින් වැලිකඩට , බෞද්ධ සමාජ වාදය, අහෝ ලංකාව, සිරකුදුවක් තුල සිට, ශ්‍රී සමත කුත කව්යම්, යෝගාවචර භුමි ශාස්ත්‍රය, අභිධර්ම සමුච්චය අභිධර්ම මානය, මාධ්‍යමික ධර්ෂණය, මාර පරාජය, යටි හිතේ හැටි, ලංකාවතාර සුත්‍රය, විනයෝ, සද්ධර්ම කෝෂ, සිංහල කතාවතුපකරණය ආදී ලේඛන රැසකි

මරණය සහ පුනරුත්පත්තිය පිළිබඳව කල දෙශනා වල අන්තරා භාවිකයෙක් ගැන කල ධර්ම දේශනා ගැන අදද ලාංකීය බෞද්ධයන් වාද විවාද කරයි. උන් වහන්සේ අපවත්වන්නට පෙර දින ලංකා ගුවන් විදුලේ කල මෙම දේශනාව උන්වහන්ගේ හදිසි අපවත්වීමට හේතුවී යයි අදහන්නෝ අදද ඇත.

ඔබේ පහසුව සඳහා එම දේශනය මෙහි ඇතුලත් කරමු. හේන්පිටගෙදර ඥාණසීහ  හිමියෝ අපවත්වී වදාලේ  1981 අගෝස්තු පළමු වැනි දාය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: