Ven Tallale Dhammananda Thero

Talalle-Siri-Dhammananda-Maha-Nayaka-Theroපූජ්ය තලල්ලේ සිරි ධම්මානන්ද හිමි

අමරපුර සිරි සද්ධර්මවංශ මහා නිකායේ හා කුප්පියාවත්ත ජයසේකරාරාමයේ ප්‍රධානියා ලෙස කටයුතු කල අතිපූජ්ය තලල්ලේ සිරි ධම්මානන්ද මහ නාහිමි,1918 ජුනි මස 7 වන, දින උපත ලැබූවේ මාතරට නුදුරු තලල්ල ගමේ දොන් දිනේෂ් ද සිල්වා පියතුමන්ගේ සහ මෙන්ඩිස් කරුණාරත්න ආර්යාවගේ සයවෙනි දරුවා ලෙසය.

වසර 1932 අප්‍රේල් මස 27 වෙනි දින සසුන් ගත වූ වහන්සේ විද්යෝදය පිරිවෙනට ඇතුළුව සිය වැඩිදුර අධ්‍යාපනහි නියත වුනි. 1956 දී රාජකීය පණ්ඩිත විභාගය සමත් වූ  උන් වහන්සේ ලෙස විද්යෝදය පිරිවෙනෙන් පළමු  උපාධිය ලබා  එම ආයතනයේම  ගුරුවරයෙකු ලෙස සේවය කළේය. විද්යෝදය විශ්ව විද්යාලයේ පශ්තාත් අධ්‍යාපනය ලබා 1978 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ එම්  ඒ  පශ්තාත් උපාධියද ලබා ගත්තේය.

අමරපුර නිකායේ සිරි සද්ධම්ම වංශ උප නිකායේ බොහෝ ඉහල තනතුරු දැරු උන්වහන්සේ කොළඹ දිස්ත්රික්කයේ සංඝ නායක ලෙස 1965 වසරේදී පත් විය. 1983 වසරේදී සමස්ථ අමරපුර නිකායේ ම අධිකරණ සංඝ නායක ලෙස පත්වීම් ලත් උන්වහන්සේ 1985 වසරේදී ඔහු අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ මහා නායක සහ උප සභාපති ලෙස තේරී  පත් විය .

ඉතා දක්ෂ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙක් වූ උන්වහන්සේ ලංකා ගුවන් විදුලියෙන් බොහෝ ධර්ම දේශනා කළේය. ශිෂ්‍ය භික්ෂුන්ගේ ප්‍රයෝජනය සඳහා පොත් ගණනක්ම ලියා ප්‍රසිද්ධ කල ධම්මානන්ද ස්වාමින්වහන්සේ විදේශ රටවල් ගණනාවකටම ධර්ම දුත කටයුතු සඳහා ගොස් ඇත.

කෙටි කලක් ගිලන්ව සිටි නායක ස්වාමින් වහන්සේ 1997 අප්‍රේල් 12 වැනි දින අපවත්වී වදාළ සේක. උන් වහන්සේ ට උපහාර පිණිස ගුවන් විදුලියෙන් කල ධර්ම දේශනාවක් ඔබට අසන්නට සලස්වමු.

[audio https://archive.org/download/Gold-Talks/128_Ven-Talalle-Dammanada-MT-Maha-Parinibbana.mp3]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: