1913-2014 – පුජ්‍ය වැලිගම ඥාණරතන හිමියන්

Ven-Weligama-Gnanarathana-Maha Thero

පුජ්‍ය වැලිගම ඥාණරතන හිමියෝ 1913 ඔක්තෝම්බර් 14 දින දරුවන් දස දෙනෙකුන් ගෙන් යුතු වැලිගම දැහැමි බෞද්ධ පවුලක අන්තිම දරුවා ලෙස උපත ලැබීය. වැලිගම සිද්ධාර්ථ විද්යාලයෙන් සිය මූලික අධ්යාපනය ලැබූ මෙම දරුවා 1925 නොවැම්බර් මස 30 වැනි දින පූජ්ය දෙවුන්දර ශ්රී ධම්මානන්ද නාහිමියන් ගේ උපජ්ජාය භාවය සහ අතිපූජ්ය අහංගම විමලසාර මහානායක හිමියන්ගේ ආචාර්ය භාවය යටතේ  පැවිදි බිමට එක් විය.

පුජ්‍ය ඥාණරතන තෙරනුවෝ සිය මුල් ධර්ම අධ්‍යාපනය සිය ආචාර්යන් වහනසේ වෙතින් ද පසුව දෙවුන්දර ශ්‍රී ධම්මරක්ඛිත පිරිවෙනින්ද ලැබීය. ප්‍රාථමික අධ්යාපනය අවසන් කළ ඔහු, 1931 වසරේදී , ජාත්යන්තර පිළිගැනීමක් සහිත ප්රමුඛ පෙළේ පැවිදි අධ්යාපනික මධ්යස්ථානන් දෙකින් එකක් වූ විද්යෝදය පිරිවෙනට ඇතුළුවිය. සිය අධ්‍යාපන සමයේදීම 1933 වසරේ දී උපසම්පදා ව ලැබූ තෙරණුවෝ 1940 වසරේ දී විද්යෝදය පිරිවෙනේ අන්තිම විභාගය සමත් වීය. 1948 වසරේදී ඔහු ශ්‍රී ලංකා ප්රාචීන භාෂෝපකාර අධ්යයන සමාජය විසින් පවත්වන ලද අවසන් පරීක්ෂණය සම්පූර්ණ කරමින්  අදද ශ්‍රී ලංකාව තුළ සාම්ප්රදායික අධ්යයන කටයුතු සඳහා ලබා ගත හැකි ඉහළම සුදුසුකම ලෙස සලකනු ලබන “ප්‍රාචීන පණ්ඩිත” උපාධිය, දිනා ගැනීමට සමත් විය.

පුජ්‍ය ඥානරතන හිමියන්ගේ ජීවිතයේ මහාම සන්ධිස්ථානයක් වුයේ එවකට ලංකාවේ සිටි ගෞරවනීය ම ස්වාමින් වහන්සේ කෙනෙනෙකු වූ   පුජ්‍ය පැලෑනේ   වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ගෙන් ලත් ආරාධනයෙන් බම්බලපිටියේ වජිරාරාමයට එක්  වීමය. එවකට ලාංකීය භික්ෂු අධ්‍යාපනයේ මුදුන් කේන්ද්‍රයක් වූ වජිරාරමයෙහි මඩිහේ පඥාසීහ හිමියන්, නාරද හිමියන්, පියදස්සි හිමියන් වැනි කීර්තිමත් භික්ෂූන් වහන්සේලා සමග එක්ව, තරුණ භික්ෂුන් වහන්සේලාට ධර්ම විනය ඉගැන්වීමට උන්වහන්සේ ට හැකිවුයේ ඔහු සතු දහම් හා පෙරදිග භාෂා පිලිබඳ නිපුණත්වය නිසාමය

1950 වසරේදී අග්ගමහා  පණ්ඩිත පුජ්‍ය මඩිහේ පඥාසීහ නායක ස්වාමින්වහන්සේ සමග එක්ව ඉන්දීය සංචාරයක් කල පුජ්‍ය ඥානරතන හිමියන් ඉන්දීය සහ බෞද්ධ හැදියාව ගැන මනා දැනීමක් ඇති කර  ගත්තේය. මෙම සංචාරයේදී   නේපාලයට ගොස් ශත වර්ෂයකටත් වැඩි කාලයකට පසු නැවත,  බුදුන් උපන්  බිමෙහි ථෙරවාද බුද්ධාගම ප්‍රතිස්ථාපනය කර සීමා  මාලකයක් ඇති කොට ශත වර්ශාදික කාලයකට පසු නේපාලයෙහි උපසම්පදා උත්සවයක් පැවැත්වීය.


1955 වසරේදී  බුරුම රට පැවැත්වුන සයවන ධර්ම සංගායනාවට ලංකාවේ නියෝජිත පිරිස සමග එක්වුන පුජ්‍ය ඥාණරතන හිමියෝ එම සංගායනාවට සිය ධර්ම ඥානය මෙහෙයවා ඉමහත් ආධාරයක් විය.

වර්ෂ 1955 දී අතිපූජ්ය පැලෑනේ වජිරඥාණ නා හිමියන් අපවත්වීමෙන් පසු පුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන් නිකායේ නව මහා නායක ලෙස පත් කරන ලදී. ඒ සමගම නිකායේ ලේකම් ධුරයට පත් කරනු ලැබුවේ පුජ්‍ය ඥාණරතන හිමියෝ ය. ඒ අනුව 1956 දී ලෝක වාසී බෞද්ධ හමුවට සහභාගී වීමට සඳහා නැවත නේපාලයේ සංචාරයක නිරත විය.


1959 දී ධනවත් හා දැහැමි බැතිමතෙකු විසින් සිය ධනය වැයකොට තැනවූ රත්මලාන මල්ලිකාරාම සංඝාවාසය සඟ සතුකොට පුජාකොට උන්වහන්සේ ට එහි පාලනය භාර කරන ලදී. කොළඹ තදාසන්න පෙදෙසක ඇති මේ ආරාමය අදද, රටේ ප්රමුඛ පෙළේ ආගමික මධ්යස්ථානවලින් එකකි.

පුජ්‍ය ඥාණරතන හිමියෝ  පාලි, සිංහල හා සංස්කෘත එකසේ විශාරද තත්වයෙන් දැන සිටියෝය . සිය දැනුම සෙසු බෞද්ධයාට ලබා දීමට ලේඛන සහ පොත් ගණනාවක් ලිවූ  පුජ්‍ය ඥාණරතන හිමියෝ 1952 දී ලිවූ “භික්ෂුණී  ප්‍රාතිමොක්කය” භික්ෂුණී සාසනයේ ඉතිහාසය ගැන කෙරුන ඉතා හොඳ නිබන්දයකි. “ඛුද්ධසිකා” නම් පුරාන සිංහල විනය ග්‍රන්ථය ඇසුරුකොට කල ඔහුගේ සිංහල පරිවර්තනය,  “ධම්මපදය” සිංහලට පරිවර්තනය කිරීම “ගිහි විනය” නමින්  ගිහි ජනතාව සඳහා කල ග්‍රන්ථය ආදී  කුඩා විශාල පොත්, රැසක් උන්වහන්සේ  ලියා ඇත.

ධර්ම දුත කටයුතු පිණිස එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්රේලියාව, එක්සත් රාජධානිය සහ යුරෝපය ඇතුළු බොහෝ රටවල සංචාරය කල ඥානරත්න නායක හිමියන් ට “විනය විශාරද ධර්මකීර්ති” නාමය අමරපුර නිකාය විසින් පිරි නමන ලද්දේ එම සේවාව අගය කරමිනි.මහානායක හිමියන් සිය උසස් අධ්යාපනය ලැබූ විද්යෝදය පිරිවෙන, ‘ශ්‍රී සුමංගල විද්යවතංශ” නමින් ඔහුට ආචාර්ය උපාධියක් පිරිනමා ඇත.

අතිපූජ්ය වැලිගම ශ්‍රී ඥානරත්න නායක හිමියන් වසර 101 ක් ආයු වළඳා 2014 වසරේ ජනවාරි මස18 වන දින අපවත්වී වදාළහ. 
පුජ්‍ය ඥානරතන හිමියන්, අනුත්තරිය සුත්‍රය අලලා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ කල ධර්ම දේශනාවක්, උන් වහන්සේට උපහාර පිණිස මෙහි අඩංගු කරමු . පුජ්‍ය වැලිගම ඥානරතන මහා ස්වාමින්වහන්සේට නිර්වාන සුවයම අත්වේවා

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s