පුජ්‍ය අම්පිටිය රාහුල හිමි

ven-rahula

නගරබද සුව පහසු පන්සලක රැඳෙනු වට වඩා වන සෙනසුනක ශාන්ත සැනසුම ට කැමතිවු පුජ්‍ය අම්පිටිය  රාහුල හිමියන් මඩිහේ පඤ්ඤාසීහ හිමියන් ගේ අනුශාසකත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්යාලයට  අනුබද්ධව ඇතිකළ වන  ආරාමයේ සිය ජීවිතය ගෙවීය. විශ්ව විද්‍යාලයේ සිසුවන්ටද භාවනා වට ලැදිව එහි ආ දෙස් විදෙස් යෝගීන්ට ද උන් වහන්සේ ධර්ම ආකාරයක් විය. බෝවල පිහිටි මෙම භාවනා කේන්ද්‍රය දැන් අංග සම්පුර්ණ භාවනා මධ්‍යස්ථානයක් ලෙස දියුණුව පවතී.

නිරන්තරයෙන් දළදා ආශීර්වාද ලබන, මහනුවර නගරාසන්නයේ පිහිටි අම්පිටියේ, ධනවත් කීර්තිමත් පවුලක  දෙසැම්බර් 29, 1914 දින, සීමොන් රාජපක්ෂ  යුවලට උපන් පුජ්‍ය අම්පිටිය  රාහුල හිමි යන්ගේ ගිහි නාමය  ධර්මදාස විය. පාසල්  අධ්‍යාපනට ලබා ගන්නට මෙම දරුවා කතෝලික අධ්යාපන ආයතනයක්වූ අම්පිටියේ ශාන්ත මරියා විද්යාලය ට ඇතුළු කරවන ලදී.ඔහුගේ දෙමාපියන් සැදැහැති බෞද්ධයන වූ බැවින් බෞද්ධාගම ගැන සිය දරුවා හට ධර්ම අද්යාපනයක් ලබා දෙන්නට දළුක්ගොල්ලේ දහම් පාසලට ද එක් කරවන ලදී. ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලත් ධර්මදාස දරුවා ශාසනයට එක කරන්නට කැමති වූ දෙමහල්ලන් 1936 වසරේ මයි 4 වැනි දා කඹුරුගමුව දැරගිරි  විහාරස්තානාධිපති , ශ්‍රී සද්ධර්ම ජෝතිපාල කවිධජ විනයාචාර්ය කඹුරුපිටියේ රේවත ස්වාමින් වහන්සේගේ අධීක්ෂනත්වය යටතේ අම්පිටිය  රාහුල නමින් සසුන් ගතවුයේ  වයස  අවුරුදු  22 දීය දොඩන්දූව ආරාම හි සිට  වජිරාරාමය විහාරස්ථානයේ පූජ්ය පැලැනේ  ශ්‍රී වජිරඥාන හිමි, පූජ්ය තලංගම ඉන්දසාර හිමි සහ පුජ්‍ය අහංගම ශ්‍රී පඥාලෝක හිමිවරුන් ගෙන් උපදෙස් ලබමින්  වැඩිදුර ඉගෙනුම ලබන්නට සහ  ධර්ම සේවයේ යෙදුන්නට  රාහුල හිමියන් ට හැකි විය. 1936 වසර ජුනි 30 වෙනිදා උන්වහන්සේ කැලණියේ උද කු ඛේප සීමා මාලකයේදී රාහුල හිමි යන් ඉහල උපසම්පදාව ලැබීය.

දැනුම, ප්රඥාව, විනය වැනි අත්‍යාවශ්‍ය ගුණයන්ගෙන් පිරි රාහුල හිමියන් අති පුජ්‍ය පැලැනේ   වජිරඥාණ හිමියන්ගේ ඇපකරු භික්ෂුව ලෙස තෝරා ගැනීම උන්වහන්සේට ඉමහත් වාසියක් විය. බෞද්ධ ළමයා නමෙන් ධර්ම සඟරාවක් නිකුත් කිරීමටත් ඕල්කට් ලම්ම නිවාසයේ  සති පතා ධර්ම පන්ති පවත්වීමෙනුත් දරුවන්ගේ ධර්ම ඥානය පුබුදු කරන්නට උන් වහන්සේ සමත් විය.

1958 අප්‍රේල් මස 21 වැනිදා මහරගම ශාසන සේවක සමිතිය ඇතිකිරීමට  පූජ්ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන් සමග එක්වූ රාහුල හිමියන් අද මහරගම ශ්‍රී වජිරඥාන වජිරඥාන ධර්මායතනය නමින් පවතින මෙම යෝධ වෘක්ෂයේ මුදුන් මුලක් යයි කීවොත් නිදොස්ය.

දැනට වසර ගණක සිට ගිලන්ව පසුවන ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s