පූජ්ය අමත ගවේසී හිමි (1918- 2003)

Ven Gavesi2
පූජ්ය අමත ගවේසී  හිමියන් වලාන, පානදුර දෙසැම්බර් 19, 1918 දින උපත ලැබුවේ පානදුර නගරයට නොදුරු වලාන ප්‍රදේශයේය. එස් එස් සී විභාගය සමත් වීමෙන් පසුව ශිෂ්‍ය ගුරු තනතුරක් ලබා මාතර පාසලක උගැන්වීමෙන් සිය ජීවිතය ආරම්භ කළේය මේ දිනවල ගැසට්‌ කර තිබුණු පොලිසියේ ඉන්ස්පෙක්ටර් පුරප්පාඩු සදහා ඔහු යැවූ ඉල්ලුම්  පත්‍රය අනුව ඔහුව තෝරා ගැන්මෙන් පසු 1943 පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස සේවයට බැදුණි. ඔහුගේ කාර්යක්ෂම සහ අවංකකම නිසා ඔහු ඉක්මනින්ම උසසවීම් ලබා අවසාන නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරු ලද්දේය. ඔහු අන්තිමට පොලිස් අභ්‍යාස විද්‍යාලය භාරව ක්‍රියා කළේය. ඉගෙනගන්නා කාලයේ සිටම බෞද්ධ ධර්මය උගත් හෙතෙම භාවනාව ද නිබදව  කරගෙන ගියේය. කටුකුරුන්දේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඔහුගේ කාර්යාලයේ විදුරු අල්මාරියක ඇට සැකිල්ලක් තබාගෙන සිය දිවා විවේකයේදී එතුමා භාවනා කල බව එහි සිටිය අන් අය පවසයි.

ඔහුගේ ස්වාමි දියණිය වුයේ මාතලේ ජයනෙත්ති මැතිනියය. මෙම දෙපලට දරුවන් දෙදෙනෙකු විය. නිවන් අපේක්ෂාව සඳහා වූ කැමැත්ත දැඩි වෙත්ම මෙම දේපල බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකරන්නට ගිවිස ගත්හ ඉතා සරල පැවතුම් ඇති ගිහි ජීවිතයක් ගතකල මෙතුමා ගිහි ගෙන් නික්ම පැවිදිවීම ඉතා අවශ්‍ය බව වටහා ගෙන සිය තනතුරෙන් ඉල්ලා අස්විය. වලානේ අමතා ගවේසී නමින් සාසන ගතවුයේ කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදීය. වසර කිහිපයක් එහි භාවනාවේ නිරතවූ උන්වහන්සේ තිපිටක සුත්‍ර ගවේෂණයෙන් සිය ධර්ම ඥානය වඩාත් තීව්ර කර ගත්තේය. මධ්‍යතානයේ ආචාරීන් වහන්සේලේ ගේ කමටහන් සියලුම යෝගීන්ට ලැබෙන්නේ ඒකාකාරව බවත් බොහෝ විට එම කමටහන් නොගැලපෙන චරිත ඇත්තවුන් අසතුටෙන් ඉවත්ව යන බවත් දුටු උන්වහන්සේ මධ්‍යස්ථානයේ පාලක හිමියන් සමග මේ ගැන සාකච්චා කළේය. සූත්‍ර පිටකයේ ඇති ඉගැන්වීම් වලින් කරුණු පෙන්නා දුන්නත් ඒවා පිලි නොගන්න නිසා තව දුරටත් එහි රැදී නොසිටීමට තීරණය කළේය.

ත්‍රිපිටකය තනිවම හැදෑරීමට උන්වහන්සේගේ පාලි දැනුම ප්‍රමාණවත් වුයෙන්, බොහෝ සුත්‍ර පරිශීලනයෙන් උන්වහන්සේ සිය භාවනා ක්‍රම සහ කමටහන් වැඩි දියුණු කර ගත්තේය. තමන්ගේ මානසික ස්වභාවයේ සහ අත්  දැකීම් වලින් තම මාර්ගය නිවැරදි බව උන්වහන්සේ ට වැටහින.තමන් ලත් ප්‍රතිඵල අන් යටත් ලබා දෙන්නට, උන්වහන්සේ  නුගේගොඩ දහම් මැදුර කේන්ද්‍ර කොටගෙන භාවනා වැඩසටහන් පෙළක් මෙහෙය වුයේය. ක්‍රමයෙන් උන්වහන්සේ ගේ කීර්ති නාමය පැතිර යත්ම බොහෝ දෙන උන්වහන්සේ ගේ ධර්ම මාර්ගය අනුගමනය කරන්නට වුහ. උන් වහන්සේ බොහෝ පලාත්වල භාවනා වැඩසටහන් පැවැත්වුයේ ඒ ඒ පලාත්වල සැදැහැතියන්ගේ ආරාධනාවෙනි. පල්ලෙකැලේ ඉතා විශාල බිමක් රජය විසින් “ගම් උදාව”සදහා පවරාගෙන තිබුන ඒ යුගයේ, ගම්උදාව උත්සවයෙන් පසුව එම බිම ප්‍රයෝජනයට නොගෙන තිබිණ. 1991 දී එවකට අගමැතිව සිටි ආර් ප්‍රේමදාස ශ්‍රීමතාණන් පල්ලේකැලේට ගොස් අමත ගවේසී හිමියන්ට මෙම ඉඩම පුජා කොට පිළිගන්න ලෙස ඉල්ලා සිටියේය. උන් වහන්සේ එම ඉල්ලීම පිළිගෙන එම ඉඩමේ “දේවානම් පියතිස්ස විපස්සනා භාවනා කේන්ද්‍රය” නමින් භාවනා මද්යස්තානයක් ඇති කළේය. නිතිපතා තෝරාගත් යොගී පිරිසකට 14 දිනක විපස්සනා පුහුණුවක් ලබා දෙන වැඩ සටහන යටතේ 10,000 කට වැඩි දෙනෙක් මෙම කේන්ද්‍රයේ මනා පුහුණුවක් ලබා ඇත. උන්වහන්සේගේ කීර්ති රාවය පැතිර ගිය ඔස්ට්‍රේලියාව සිංගප්පුරුව මලයාසියාව විදේශ වලින්ද බොහෝ දෙනෙක් පැමිණ මෙම වැඩසටහන් වලට එක්  වුහ.

මේ කාලය වන විට කාන්තාවන් සදහා පන්සිල්, අටසිල් හැරෙන්නට කිසිම අධි ශීලයක් නොවීය. බුදුන් වහන්සේගේ ධර්මය අකුරට පිලිපදිනවායයි කියාගන්න බොහෝ ථෙරවාද භික්ෂුන්, “භික්ෂුණි සාසනයක් නැතය” “කිසිදා යලි පිහිටුවිය නොහැක” යයි යන මතයේ සිට කාන්තාවන්ට සසුනේ දොර වසාලුවෝය. අමත ගවේසී හිමියන් පලමුව දස සිල් උපාසිකාවන් සඳහා වෙනම ස්ථානයක් පිහිටුවා ඔවුන්ද සසුනේ කොටස් කරුවන් බව හැගවීය. භික්ෂුණි සාසනයක් පිහිටුවීම සදහා නැණවත් සිල්වත් භික්ෂුණියක් සොයන විට 1996 වසරේදී කුරුණෑගල පොතුහැර සිට, දස සිල් මෑනියක් ලෙස සිටි පුජ්‍ය චන්ද්‍රා දස සිල් මාතාව ට කුණ්ඩසාලෙට එන ලෙස ආරාධනා කරන ලදී. චන්ද්‍රා මෑණියන් ගෙන් පටන්ගෙන භික්ශුනියන් පනහක පමණ පිරිසක් මේවනවිට පැවිදි බිමට ඇතුළුව සිටියි . උන්වහන්සේගෙන් පසුව
අද ද කාන්තාවකට භික්ෂුණියක් වන්නට ලංකාවේ ඇති එකම ස්ථානය මෙය වේ. අනිත් සේනාසන වල සහ පන්සල්වල දැන් දැන් දස සිල් පමණක් ගන්නට සලස්වා සිවුරු අන්දා කාන්තාවන් ද ලාංකික බෞද්ධයන්ද මුලා කරන ස්වභාවයක් දකින්නට ඇත.

මෙසේ අන් අයටද හරි මග පෙන්වමින්, තමන්ගේ විමුක්තිය පිණිසවන භාවනාව ඉහලටම දියුණු කල අමත ගවේසී හිමියන්, ක්‍රමයෙන් අධිගමයන්ට පත්වූ බවට උන්වහන්සේ ඇසුරු කල අය කියති. බොහෝ විට උන්වහන්සේගේ අධ්‍යාත්මික ගමනට අවශ්‍ය උපදෙස් ලැබුනේ දෙවි බඹුන් ගෙන් බව සමහරු කියති.

වසර 85 ක් ආයු වැළදු අමතා ගවේසී ස්වාමින් වහන්සේ  2003 ජුනි 11 වන බදාදා සවස 2.30 ට මහනුවර ආරෝග්‍ය ශාලාවක දී අවසන් හුස්ම හෙලීය.


අමත ගවේසී හිමියන්ගේ ඉංගිරිසි බසින් කල දේශනා අසන්නට ක්ලික් CLIK HERE