බලංගොඩ ආනන්ද මෛත්රිය මහා ස්වාමින්වහන්සේ

Ven Anada Maithriya MahaThero

මේ යුගයේ ලාංකීය සංඝ පරම්පරාවේ ඉහලම බෞද්ධ අරමුණු සාක්ෂාත් කරගත් ස්වාමින්වහන්සේලා කිහිප නමගෙන් එක නමක් නම් බලංගොඩ ආනන්ද මෛත්රිය මහා ස්වාමින්වහන්සේය. 1896 අගෝස්තු 23 වැනි දින බලංගොඩ ට නුදුරු, කිරිදිගල ගමේදී විලියම් නමින් උපත ලත් මුන් වහන්සේගේ පියා එන්. ඒ. මතියෙස් අප්පුහාමි විය. මව බී. හීන්මැණිකේ නම් විය. ඉතා ලාබාල පස් වැනි අවුරුදු වයසේ දීම බලංගොඩ උඩුමුල්ලේ නන්දාරාම විහාරස්ථානයේදී 1911 මාර්තු 2 වැනි දින සාසනයට ඇතුළු වූ මුන්වහන්සේගේ මුලික අධ්‍යාපණය බලන්ගොඩ කුමාර විද්‍යාලයෙන් ද ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද වියාලයෙන්ද විය. 1916 ජුලි 16 වැනිදින ඉහල උපසම්පදා ව ලබා ගත්තේ විසි වැනි උපන්දිනයටත් පෙරය.

තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ හෙළි කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි දින , එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත. මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය.

“වසවර්ති මාරයාය කියන්නේ කෙළෙස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක්. දෙවියන් අතර සිටින, කාමයට අධිපති හිතුවක්කාර, තක්කඩි දෙවියෙක්. එයාගේ පිරිවරත් ඒ වගේම අය. චණ්ඩි ගති ඇති අය. මිනිසුන් අතර වගෙම තමයි. ඒ වගෙ අය එනවිට සාමකාමී යහපත් මිනිස්සු මගහැර යනවා. ඒ වගේම අනෙකුත් දෙවිවරුත් මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ පිරිස සමග ගැටෙන්නට කැමති නැහැ.

වසවර්ති මාරයා සමථ භාවනාව දියුණු කරන සෘර්ධි බල වඩන අයට බොහෝම විරුද්ධයි. ඒ කටයුතුවලට බාධා පමුණුවනවා. කඩාකප්පල් කරනවා. මේ ලෝකය කාමයෙන් තණ්හාවෙන් පැතිර යනවාටයි ඔහු කැමති. විපස්සනා භාවනාවට ඔහුගෙන් බාධාවක් නෑ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු පදවි ලබන විට වළක්වන්නත් ඔහු උත්සාහ කළා. පසුව පැරද පළා ගියා.

ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරී යනවිට එය වළක්වන්නටත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට වුවමනා වුණා. බුද්ධාගම කිළිටු කරන්න, හානි කරන්න ඔහුගෙ පිරිසෙන් කණ්ඩායමක් මේ ලෝකෙට එව්වා. නිර්මල බුද්ධ ධර්මය පැතිරයෑම වළක්වන්න බුද්ධාගමේ වේශයෙන්ම කටයුතු කරන පිරිසක් ඔවුන්. බුද්ධාගමේ ආකාරයෙන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ගේ පරමාර්ථය වුණේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාගේ මේ වැරදි වැඩපිළිවෙල දෙව් ලොව සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන ගත්තා.

මේ වැඩ පිළිවෙල වළක්වා බුද්ධ සාසනය ආරක්ෂා කර ගැනීමට මෛත්‍රී බෝධි සත්ත්ව දෙවියන්ට වුවමනා වුණා. එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා. ඒ සාකච්ජාවට එන්න කියා මටත් දැනුම් දුන්නා. ඒ වනවිට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක. මම ආවෙ නෑ. දෙවැනි වරටත් දැනුම් දුන්නා. මම ඒත් ආවෙ නෑ. තුන්වැනි වරටත් දැනුම් දුන්නාම මම ආවා. කැඳවීමට එක්වරම ආවේ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මට තරවටු කළා.

“වසවර්ති මාරයා එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය කර තියෙනවා. බුද්ධාගමේ හැටියටම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරුවන්න. අන්න ඒක මර්දනය කරන්න අපත් කණ්ඩායමක් යවන්න ඕනෑ කියා ඒ දේව සභාවේදී තීන්දු කළා. දිව්‍ය ලෝකයේ සිටින බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය වුණා. මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීවා. මම “බැහැ” කීවා.

“ඒ ඇයි?” කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මගෙන් ඇහුවා.
“මම ප්‍රබල නෑ. මට වඩා බලවත් කෙනෙක් යවන්න” කියා මම කීවා.
“මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?” කියා එවර එතුමා මගෙන් ඇහුවා.
“මට බුදු වෙන්න ඕනෑ” කියා මම කීවා.
“ඇයි? මම මනුස්ස ලෝකයට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න කියා එතුමා මගෙන් ඇහුවා.
“මට බැහැ. මටත් උවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න. ඔබත් කවදා හරි ලොව්තුරා බුදු බවට පත්වෙනවා.” කියා මම කීවා.
“ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ” යි මම නැවතත් කීවා.

“ආ…. නුඹට ඔච්චර ධෛර්යයක් තියෙනවා නම් ඇයි නුඹ මේ කටයුත්තට නොයන්නේ?” කියා මගෙන් ඇහුවා. මට උත්තර නැති වුණා. 
“එහෙනම් මම යන්නම්. හැබැයි ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන්න ඕනෑ” ය මම කීවා. 
“ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න. මම උදව් කරනවා” කියා එතුමා කීවා.

ඒ ලෝකෙ මිනිත්තුවක් මනුස්ස ලෝකෙ අවුරුදු සියයක් හමාරක් පමණ වෙනවා. මම තීරණය කරන කොටත් කලින් කණ්ඩායමක් පිටත් වෙලා. මම ඒ පිරිස අතරින් හුඟක්ම බාලයි.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, ඕල්කොට් තුමා වගේ අය මට කලින් මනුස්ස ලෝකෙට එන්න අධිෂ්ඨාන කළ ඇත්තෝ. ඒ අය මට කලින් එහෙන් පිටත් වී සිටියා. මට වඩා බාල අයත් හිටියා. ඔය නාරද ස්ථවිරයෝ ආදී අය කීප දෙනෙක්. 
“ඉතින් නායක හාමුදුරුවනේ! අන්තිමටම ආපු එක්කෙනා කව්දැ”යි මීතිරිගල නාහිමියෝ හරස් ප්‍රශ්නයක් ඇසූහ.
“අන්තිමට ආපු එක්කෙනා පියදස්සි.” මේ එව් පිරිස නිසා බුද්ධාගමට සිදුවෙන්න ගිය හානිය වැළකුණා. එංගලන්තය, ඇමෙරිකාව ආදී රටවලත් බුද්ධ ධර්මය පැතිරෙව්වා. එළඹෙන්න තිබූ බාධා වැළැක්වූවා. ඒ අයව එව්වේ ඒ ඒ අංශ පවරලා. සමහරු භාවනා අංශයට. තවත් සමහරු ආශිර්වාද අංශයට. සමහරුන් ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූත සේවයට. ඒ ඒ අය බාරගත් වැඩ කොටස් ඒ ඒ අයුරින්ම ඉටු කළා.
ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්‍. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා

ඉන්දියාවේ හිමාලයේ “ගෞරි බාබා” නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්‍. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්‍රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්.
මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න.
බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ.
බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට “සාසනය පිහිටුවනතුරු” කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා.
ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාගේ ගෝලයොත් ඒ වගේමයි.
මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්‍රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා.
ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.

(බළංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයෙන් උපුටා ගැනුණි.)

ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන්ගේ ජීවන චරිතය පිළිබ`දව විමසන්නෙකුට එහි උපරිමය ගලා යැමේ අපූර්වත්වය සාමාන්‍ය චරිතයකින් දැකගත නොහැකි වන තරමට ශේ්‍රෂ්ඨ වෙති.
1922 වසරේ ධර්මාචාර්ය වරයා ලෙස ආනන්ද විද්‍යාලයට පත් කරනු ලැබූ  ආනන්ද මෛත්‍රිය හිමියෝ 1925 වසරේ සිට අලුතින් පටන් ගත්  පිරිමි විද්‍යාලය වන නාලන්දා විද්‍යාලට මාරු කරනු ලැබීය. මේ කාලය වන විට ස්වාමින් වහන්සේ බෞද්ධ භාවනාවේ නොයෙක් අංශ පිළිබඳව කියවමින් භාවනාවම ප්‍රගුණ කරන්නට පටන් ගෙන තිබිණ. සමථ සහ විපස්සනා යන භාවනා විධි දෙකම එකසේ දියුණු කරගෙන හුන් මහා තෙරණුවෝ බොහෝ අභිඥා ලබා සිටි බව කිට්ටුවින් ඇසුරු කල අය අද පවසයි,  ත්‍රිපිටකය මුල් කොට ගත සිය දැනුම   පොතට සීමා නොකොට අත්දැකීමෙන්ම ප්‍රගුණ කල මහා තෙරණුවෝ සිය දැනුම් සම්භාරය දෙස් විදෙස් වල භික්ෂුනට බෙදා හළේය. රට රටවල විදෙසියෝ උන් වහන්සේගේ උපදෙස් නිබඳ පැතුහ.
1926 වර්ෂයේ දී ඉන්දියාවේ කේරලයේ කැලිකට්‌ නගරයේ රාජ්‍ය මන්ත්‍රී ශ්‍රී ක්‍රිෂ්ණන් මහතාගේ ආරාධනයෙන් කේරලයට වැඩම කරවීම ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ මුල්ම විදේශ ධර්ම දූත ගමන වෙයි. ක්‍රිෂ්ණන් මහතා බුදු දහම කෙරෙහි දැඩි ඇල්මක්‌ ඇතිව සිටි අයෙකි. හෙතෙම අප නාහිමිපාණන් සමීපයේ ටික කලක්‌ පැවිදිව සිටීමද විශේෂත්වයකි. තවද ධර්ම දූත සහ වන්දනා ගමන් වශයෙන් තිස්‌හය වතාවක්‌ අප නාහිමිපාණන් ඉන්දියාවට වැඩම කොට ඇත.

‘ශාක්‍ය සිංහාවදානය’ හෙවත් බුද්ධ චරිතය නාහිමිපාණන් 1928 දී පළකරන ලද ඉතා වටිනා ග්‍රන්ථයකි. එය ඉගෙනුම ලබන අයට පමණක්‌ නොව පොදුවේ කාහටත් ප්‍රයෝජනවත් මා හැඟි ග්‍රන්ථයක්‌ ලෙස හැදින්විය හැක.

බලංගොඩ නාහිමිපාණන්ගේ සිත් ඇදගන්නා සුළු දේශනා විලාශයත්, පුවත්පත් ලිපි ලේඛන වලින් වාද විවාද ඉදිරිපත් කිරීමේ අපුරු ශෛලියත් නිසා දේශනා මෙන්ම ලිපි ලේඛන ද ශ්‍රාවකයා සහ පාඨකයා ඇද බැඳ ගැනීමට සමත් විය. ‘ඥානාර්ථ ප්‍රදීSපය’ ලක්‌මිණි පහන, ‘සරසවි ස`දරැස්‌ සහ මෙන්ම ‘බුද්ධරශ්මි’ පුවත්පත් නාහිමියන්ගේ විවාදාත්මක ලිපි ලේඛන වලින් පෝෂණය විය. ‘දැහැමි’ ‘නන්දලාල්මිත්‍ර’ ‘ආත්‍රෙය’ ‘භානුජ’ ‘මෛත්‍රීපාල’ ‘නලාමි’ ධර්මදර්ශීන් යනා දී අන්වර්ථ නම් වලින් මෙම බොහෝ විවාදාත්මක ලිපි පළකොට ඇත. බී. ඒ. එම්. යන ආරූඪ නමින්ද සමහර පත්‍ර ලිපි පළකොට ඇත.

නාහිමිපාණන්aගේ විවාදාත්මක ලිපි පළ වූ අනෙකුත් පුවත්පත් වන්නේ ‘මගේ සගරාව’ සහ ස්‌වදේශ මිත්‍රයා’ ය. තව ද ‘සිංහල බෞද්ධයා’ පුවත්පතට ද නාහිමිපාණන් ලිපි සපයා ඇත. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සම`ග අප නාහිමිපාණන් පැවැත්වූ සමීප සබ`දතාව නිසා ‘සිංහල බෞද්ධයා’ පුවත් පත කෙරෙහි ද නාහිමිපාණන් තුළ දැඩි බැඳීමක්‌ පැවතිණ.

1953 වර්ෂයේ දී බුද්ධ ජයන්තිය නිමිති කොටගෙන, නාහිමිපාණන්ගේම සංස්‌කාරකත්වයෙන්ම ‘ධර්ම විජය’ නමින් පුවත් පතක්‌ එළි දැක්‌වුණි. එය ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ පුවත්පතක්‌ බවට පත්විය.

1954 වර්ෂයේ ආරම්භයේදීම සබරගමුව සද්ධම්මවංශ නිකායේ සංඝනායක පදවිය සහ මහා නායක පදවියෙන් පිදුම් ලැබූ අප නාහිමියෝ එම වර්ෂයේ පෙබරවාරී මාසයේදීම බුරුම රටේ පැවති ඡට්‌ඨ මහා සංඝායනාවට සහභාගී වීම පිණිස එ රටට වැඩම කළහ. කැපී පෙනෙන ලෙස න්‍යායාත්මක බුරුම මහතෙර වරුන් ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ අප නාහිමිපාණන් එහි උත්තරීතර අවසාන සෝධන මණ්‌ඩලයට ද පත්ව, දෙවෙනි සංඝායනා වාරයේ දී එහි මූලාසනයට පත් වුවා පමණක්‌ නොව බුරුම රජයට පිරිනැමු අග්ගමහා පණ්‌ඩිත උපාධියෙන්ද පිදුම් ලැබූහ.

අප නාහිමිපාණන් මෙතෙක්‌ ආ ගමන් මගෙහි ඇත්තේ, අපූර්වත්වයකි. නොනැවතී එකදිගට ගලා බසින පවිත්‍ර ගංගාවක්‌ සේ නාහිමිපාණන්ගේ ගමන් මගද පවිත්‍ර වූ ගංගාවක්‌ පරිදිම ගලා බස්‌නේය.
1963 වසරෙ දී විද්යෝදය විශ්ව විද්‍යාලයේ බෞද්ධ කටයුතු අංශයේ ප්‍රධානියා ලෙසද පත්කරනු ලැබුවේ උන් වහන්සේ සතුව පැවැති මහා ධර්ම ඥානය නිසාමය. ථේරවාද බුද්ධාගමේ ඉගැන්වීම් පමණක් නොව ඔහු අන්‍ය බෞද්ධ සාම්ප්‍රදා ගැනද මහා අද්යනයක් ලබා ගත්තෙන් ,  මහායාන බුද්ධාගම විශ්ව විද්‍යාලයේ භික්ෂු ශිෂ්යනට ඉගැන්වීමද කළේය. කොතරම් යෝගී විද්යාවන්ද තවත් බොහෝ භාරතීය ශිල්පද නොඅඩුව උගත්තේය. නොයෙක් වර එංගලන්තයේ අමරාවතී සෙනසුනේදී යුරෝපීය භික්ෂුන්ට සංඝ පීත්රුවරයෙක් සේ දැනුමෙන් පෝෂණය කළේය.
අප නාහිමිපාණන්ට විෙද්‍යාදය විශ්ව විද්‍යාලයේ මහායාන බුද්ධ ධර්ම අංශයේ මහාචාර්ය පදවිය ලැබුණේ ඉක්‌බිතිවය. ඒ 1959 වර්ෂයේ දීය. එතෙකින් නොනැවතී 1963 දී එහි පිඨාධිපති ධුරයත්, එම වර්ෂයේ දීම සාහිත්‍යශූරී උපාධියක්‌ ලැබූහ. අනතුරුව 1965 වර්ෂයේ දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ම`ගින් සාහිත්‍ය චක්‍රවර්ති උපාධියෙන් පුදනු ලැබු අප නාහිමිපාණෝ 1966 වර්ෂයේ දී විෙද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයට පත්වූහ. මෙලෙස ලැබූ උපාධි නාම භාවිතා කිරීමට අප නාහිමිපාණන් එතරම් කැමැත්තක්‌ දක්‌වා නැත. උපකුලපති තනතුරේදී ගතයුතු සමහර තීන්දු තීරණ, තම මහණකමට නොගැලපේ යෑයි සිතු අප නාහිමියෝ උපකුලපති තනතුරෙන්ද ඉවත් වූහ. පසුව එම තනතුරට මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණන්ගේ නම යෝජනා කර ඇත්තේ ද අප නාහිමිපාණන්ම විසිනි.

1965 වසරේ බුරුමයේ පැවැත්වූ චත්ත සන්ගිනී (6 වන ධර්ම සංඝායනා) වේදී උන් වහන්සේට “අග්ග මහා පණ්ඩිත” යන ගරු නාමය ප්‍රධානය විය. ඉන් පසුව බුරුම රජය විසින් කෙනෙමුට දිය හැකි ඉහම බෞද්ධ සම්මානය වන ” අභිධජ මහා රට්ටගුරු” සම්මානයෙන්ද පිදීය. කොතරම් ඉහල තනතුරු දරුවත්, කොතරම් සම්මාන ගෞරව ලැබුවත්, කොතරම් දෙස් විදෙස් බුහුමන් ලැබුවත් සිය සරල ජීවිතය වෙනස් නොකළ මහා තෙරණුවන් ගැන අදද  විදේශීය සංඝයා වහන්සේ විස්මයෙන් ලියති. (READ).

එම ලිපියේ, පුජ්‍ය බෝධි ස්වාමින් වහන්සේ දුටු සිද්ධියක් නම් වරෙක  වෙනත් පන්සලකට ගිය අවස්තාවක එහි දුම් බැඳුනු කුස්සියේ හිරමනයක් මත වාඩිවී කුස්සියේ සිටි එහි සේවකයෙක් සමග මහා ස්වාමින්වහන්සේ ධර්ම සාකච්චාවක් කල අයුරුය. තාන්න මාන්න හෝ සිය දැනුමට, මනුෂ්‍යත්වය වසාලන්නට, සිය සරල බව සහ කාරුණිකත්වය, යටපත් කරන්නට උන්වහන්සේ ඉඩ දුන්නේ නැත.

1968 වර්ෂයේ දී භාරතයට වැඩම කළ බලංගොඩ නාහිමිපාණෝ බරණැස සාරානාත් ඉසිපතන විහාරස්‌ථානයේ අධිපති ධුරයද දැරූහ. එම කාල සීමාව නාහිමිපාණන්ගේ දිවියෙහි සුවිශේෂ කාල පරිච්ඡේදයක්‌ විය. දිනපතා සන්ධ්‍යා කාලයේ ඉසිපතන විහාරස්‌ථානයේ ‘ධම්මචක්‌කප්පවත්තන’ සුත්‍රය විහාරස්‌ථානයේ වැඩම සිට අනෙකුත් භික්‍ෂුන් වහන්සේලා සමග එක්‌ව සඡ්ජායනා කිරීම නාහිමිපාණන් වහන්සේගේ චිත්ත ප්‍රීතියට හේතුවිය.

බලංගොඩ නාහිමිපාණන්ගේ එංගලන්තයට වැඩමවීමේ ප්‍රථම ගමන සිදුවූයේ 1973 වර්ෂයේ දීය. ඒ බුරුම ජාතික ඌම්‍යට්‌සෝ මහතාගේ ආරාධනයෙන් වන අතර, ඔක්‌ස්‌ෆර්ඩ්, කේම්බ්‍රිඡ්, ලැන්කැස්‌ටර්, විශ්වවිද්‍යාලවලදී ධර්ම දේශනා සහ සාකච්ජා පවත්වමින් බොහෝ ගිහිපැවිදි පිරිස්‌ අතර ප්‍රසාදයට පත්වූහ.  දෙවනවරට 1979 වර්ෂයේ දී එංගලන්තයට වැඩම කළ අප නාහිමියෝ එහි මිල්ටන් කීන්ස්‌ චෛත්‍යය විවෘත කිරීමේ උළෙලට ද සහභාගී වූහ. 1981 වර්ෂයේ දී ද නැවත එංගලන්තයට වැඩම කළ අප නාහිමිපාණෝ ලනඩන් නගරයට තරමක්‌ දුරින් පිහිටියා වූ ‘චිත්හර්ස්‌ට්‌’ හි බෞද්ධ ආරාමයේ වැඩ වාසය කරමින් යුරෝපීය සහ ඇමෙරිකානු භික්‍ෂුන්ට අභිධර්මය සහ පාලිභාෂාව ඉගැන්වූහ. එම කාල සීමාව තුළ මෙම ආරාමයෙහි සීමා සම්මතයක්‌ සිදු කළ අතර, මෙකි සීමාව නම් කොට ඇත්තේ ‘ආනන්ද මෛත්‍රෙය සීමාව’ යනුවෙනි.

තවද ලන්ඩන් නගරයට තරමක්‌ ඈතින් පිහිටි ‘අමාරාවතී විහාරය‘ ඉතාමත් ප්‍රසන්න නිසල පරිසරයක පිහිටි ශාන්ත වූ විවේක ස්‌ථානයකි. මෙම විහාරස්‌ථානය යුරෝපීය භික්‍ෂුන්ගේ බෞද්ධ ආරාමයක්‌ වන අතර, වර්තමානයේ ද සැදැහැවතුන්ගේ ප්‍රසාදය ඇතිකරවන ආකර්ශනීය ස්‌ථානයක්‌ ලෙස පවතින බව ස`දහන් කළ හැකිය. මෙකී යුරෝපීය භික්‍ෂුන්ගේ ‘අමරාවතී විහාරය’ 1985 මැයි මාසයේ දී විවෘත කරවන ලද්දේ අප නාහිමිපාණන් අතින් වීමද මෙහි ඇති සුවිශේෂත්වයකි.

මෙලෙස ලෝසසුන් යහපත කෙරෙහි වැඩ සැලසු බලංගොඩ නාහිමිපාණන්ගේ ජීවන චරිතය පිළිබද විමසා බලන්නෙකුට එය අන් කිසිම වූ වර්තමාන චරිතයට සමකළ නොහැකි වන සේ උතුම්ම වන බව අප අවිවාදයෙන්ම පිළිගත යුතුය. ගනේගම සරණංකර නාහිමිපාණන්ගේ ‘බුදු හාමුදුරුවෝ’ කෘතිය හදුන්වා දෙන ගණේගම නාහිමි බුදුහාමුදුරුවන් පිළිබදව හදුන්වන්නේ…. උන්වහන්සේ කතා කරන හැටි, බණ කියන හැටි, සැතපෙන හැටි, එක මොහොතක්‌ අපතේ නොයවා සේවයේ යෙදෙන හැටි, මහන්සියක්‌ නොතකා පාගමනින්, ගම් නියම්ගම් වල චාරිකා වේ හැසිරෙන හැටි…….’, යනාදී වශයෙනි. ත්‍රිපිටකයෙන් හදුනාගත් අප බුදුරජාණන් වහන්සේගේ ජීවමාන චරිතයේ හැසිරීම් රටා මෙලෙසින් හැදින්වෙන විට අප බලංගොඩ නාහිමිපාණන් ඒ හැසිරීම් රටා අනුගමනය කළා දැයි සිතෙන තරමටම ඒ කරුණු ද අප නාහිමිපාණන්ගේ චරිතයට බොහෝ දුරට සමීපය.

ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, ස්‌කොට්‌ලන්තය, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඉන්දියාව වැනි රටවල ධර්මදූත සේවාවේ යෙදුණු ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවෝ ලාංකීය ජන විඥානය යහපත් අයුරින් අවදි කරන්නට පරිශ්‍රමයක්‌ දැරූ අනගාරික ධර්මපාලතුමා සහ වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමාගේ සමීප ඇසුර  ලබා ඇත. මේ සැම අභිබවා ශ්‍රී ලාංකීය දූ පුතුන් කෙරෙහි ශිල්ප ඥානය ලබාදීමේ ඉමහත් උනන්දුවකින් කටයුතු කළ නාහිමියෝ ස්‌වකීය තරුණ භික්‍ෂු අවදියේ බලංගොඩ උඩුමුල්ලේ නන්දාරාමයේ දී බණ දහම් භාෂා ඉගෙන අවට ගම් නියම්ගම් කිහිපයකින්ම එන දරු දැරියන්ට ඉතා හොද ශිල්ප ඥානයක්‌ ලබා දුන්හ. ඉගෙනීමට උනන්දු එහෙත් පහසුකම් අඩු ශ්‍රී ලංකීය දූ පුතුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමේ අරමුණින් ‘බලංගොඩ ආනන්ද මෛත්‍රෙය පදනම’ ආරම්භ කළේ නාහිමිපාණන් සුජීවත්ව වැඩ වාසය කරන කල්හිදීමය.

මුළු ජීවිතයම ඉගෙනීමක් ලෙස සැළකු මහා තෙරණුවෝ, කොම්පුටර් පරිඝනක ස්වයන්අධ්‍යනයක යෙදුනේ වයස 94 දී පමණය. උන්වහන්සේ පරිඝනක මෘදුකාංග (Computer Software) ගැන IT ශ්‍රමිකයෙක් සේම දැන සිටියේය. පනහකට  වැඩි පොත් සංක්‍යාවක්  ප්‍රසිද්ධ කල උන් වහන්සේ ගේ ලේඛනයන්  අර්ථයෙන් සහ ධර්මයෙන් පිරී ඇත.
ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවෝ පැතුවේ සෝවාන් ඵලය නොව බුද්ධත්වයයි. 1896 අගෝස්‌තු මස 24 වෙනි දින උපන් විලියම් නොහොත් පුංචි මහත්තයා කුමරු පැවිදිව විවිධ සමාජ, ආගමික, අධ්‍යාපනික, ශාසනික සහ විශ්ව සේවාවන් ඉටු කරමින් බුදු බව පතන බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වී පුරා වසර 102 ක්‌ ආයු වළඳා 1998 ජුලි මස 18 වෙනි දින පස්වරු 11.40 ට අපවත් වූහ.

අග්ගමහා පණ්‌ඩිත අභිධජ මහාරට්‌ඨගුරු අති උත්තරීතර බලංගොඩ ආනන්ද මෛත්‍රෙය සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ප්‍රාර්ථනය අනුවම උන් වහන්සේට උතුම් වූ බුද්ධත්වය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

විද්‍යාපති අසංග අතපත්තු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s