හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ (1827-1891)

Most_Venerable_Hikkaduwe_Sri_Sumangala_Thera_(1827-1911)වසර 1827 ජනවාරි විසිවැනි දින වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්දන මහා ලියන ආරච්චි මැතිතුමන්ට සහ හෙට්ටිගොඩ, හික්කඩුව ගමගේ ක්‍රිස්ටිනා හාමිනේ ට දාව උපන් පිරිමි දරුවා එකල සම්මතය අනුව දොන් නිකොලස් ගුණවර්ධන නමින් නම් කරන ලදී. හික්කඩුවේ හෙට්ටිගොඩ තිලකාරාම පන්සලෙන් සිංහල සහ පාලි මුලික අධ්‍යාපනය ලැබුවේ පූජ්ය. පන්නම්ගොඩ පේගුත්තර හිමියන්ගෙන්ය.

ඔහුට වයස අවුරුදු හා තුනේ දී පමණ එනම් 1840 වසරේ නොවැම්බර මස ඓතිහාසික තොටගමුවේ විජයබා පිරිවෙනෙහි දී පැවිදි බවට පත්වුහ. හික්කඩුවේ සුමංගල නමින් යුත් තෙමේ හික්කඩුවේ සෝභිත නායක ස්වාමින් වහන්සේ සහ පූජ්ය රේවත හිමියන ගෙන්ද අනතුරුව වලානේ සිද්ධාර්ථ හිමියන් ද ඇසුරෙහි අකුරු කළහ. එසේම කසීනාථ නමැති බමුණු පඬිවරයකුගෙන් සංස්කෘත, තර්ක ශාස්ත්‍රය සහ නක්ෂත්‍රය ආදිය ඉගෙන ගත්හ. විජයබා පිරිවෙනේ පූජ්ය පනම්ගොඩ ජෙතුතර හිමියන් යටතේ තව දුරටත් අධ්යාපනය ලැබූ සුමංගල තෙරුන් ඉංගිරිසි බස ඉගෙන ගත්තේ කොරනේලිස් අබේවර්දන නම් කීර්තිමත් ඉංග්රීසි විද්වතෙක් ගෙනි. 1844 වසරේ සිට රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනෙහි පූජ්‍ය වලානේ ශ්‍රී සද්ධාර්ථ හිමියන් ප්‍රමුක මහා සඟ රුවනින් ද අධ්‍යාපනය ලත් මෙතුමෝ ඉතා කෙටි කලකින් ම සිය වියත් බව ප්‍රකට කලෝය.

SriSumangala-350x442

1848 වසරේ දී සුමංගල හිමියන් උපසම්පදාව ලද්දේ මහනුවරදීය සිංහල සහ පාලි හැරෙන්නට . ඉංශ්‍රීසි,ප්‍රංශ,දෙමළ, රුසියන් වැනි භාෂා කිහිපයක් පිළිබඳවම හසල දැනුමක් ඇතිව සිටි එතුමෝ පාලි බස උගත් ධර්මධර, වියත් හිමිනමක් වූහ. බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීමට විශාල උත්සාහයක් ගත් උන්වහන්සේ පිරිවෙනක්ද ආරම්භ කළහ. එය “විද්‍යෝදය“ පිරිවෙන ලෙස හැඳින්වෙන අතර,ථෙරවාදි බුදු දහම පැතිරවීමට එම පිරිවෙන මහඟු තෝතැන්නක් විය. සරසවි සඳරැස, ලංකාලෝකය, වැනි පත්‍ර සඟරා ආරම්භ කිරීමටද උන්වහන්සේගෙන් අනුශාසනා ලැබුණි. විශාල ගෝල පිරිසක් බිහිකළ සුමංගල හිමියෝ බුදු දහම ජනතා හදවත් තුළ තව දුරටත් පෝෂණය කොට වැඩි දියුණු කිරීමට හැම විටම උත්සාහ ගත්හ.
1878 දී කෙරුණ පානදුරා වාදයෙන් සිංහල බෞද්ධයන් ගේ දිනීමට සුමංගල හිමියන සිදුවුණ ආධාරය අති මහත්ය. පානදුරා වාදය ගැන පුවත් වාර්තා කියවා පිබිදුන උනන්දුවෙන් 1880 වසරේ මැයි මස ලංකාවට පැමිණි හෙන්රි ඕල්කට් තුමෝ සුමංගල හිමියන් සමග දැඩි මිත්රත්වක් ඇතිකර ගත්තේය.

olcott-sumangalaහෙන්රි ඕල්කට් තුමෝ සුමංගල හිමියන් සමග

ඒ ඇරෙන්නට උන්වහන්සේ අතින් ඉටුවුණු විවිධ ක්‍රියාකාර වලින් මෙන්ම, එතුමන් විසින් සිංහල සාහිත්‍යයට තිලිණ කරන ලද පාලි, සිංහල, සංස්කෘත ග්‍රන්ථ සහ ගාථා හා ශ්ලෝක තුළින්ද දෙස, බස, රැස රැකගැනීමෙහිලා ඉටු වූ සේවය අතිමහත්ය. නැණ නුවණින් මෙන්ම දයානුකම්පිත හදවතකින්ද හෙබි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ අවුරුදු 84ක් ආයු වළඳා,1911 වසරේ අප්‍රේල් 29 දා  අපවත් වූහ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s