1916- 1989 පුජය මාහෝ සුමේධ හිමියන්

අති පුජ්ය බලංගොඩ ආනන්ද මෛත්රි.ය මහා නායක ස්වාමින් වහන්සේගෙ දෙසනා ඇසුරෙන් ලියන ලද “අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ” පොතේ 71 වෙනි පිටුවේ මෙසේ සඳහන් වෙයි.
“…. සමහර අය බොහොම උසස් තත්වයන්ට පත් වෙලා ඉන්නවා. පුදුමෙනුත් පුදුමයි. මාහෝ සුමේධ කියළා හාමුදුරු කෙනෙක් හිටිය අනුරාධපුර පළාතේ. ටික කලක් මෙහේ බලංගොඩ ත් ඇවිත් හිටියා. උන්වහන්සේ ගැන මං හොඳට දන්නවා උන්වහන්සේ එක්කෝ අනාගාමි තත්වයට පත්වෙලා . ඉන් එහාට මිසක් මෙහාට නම් නැහැ. එක්කෝ රහතන් වහන්සේ නමක්. ඔය තත්ව වලින් එකක් ලබන්නට ඇති. මාහෝ සුමේධ හාමුදුරුවන් පසුගියදා අපවත්  වුණා…………………..”

IMG_2217මෙම චරිතාපදානය ලියා ඇත්තේ  මහව, විලෝගෙදර කේ. බී. බණ්ඩාරනායක මහෝපාසක මහත්මා විසිනි. සුමේධ හිමියන් විසින් සම්පාදනය කොට නොමිලේ බෙදාදුන් “ශීල භාවනා සහ වැඳුම් පිදුම් “ නම් පොතේ  358 වෙනි පිටුවේ සිට ඇතුලත් වුන මෙම චරිතාපදානය බණ්ඩාරනායක මහතාගේ අවසරයෙන් උපුටා මෙහි පල කරමි.

බෝසත් පෙරුම් දම් මෙලෙස පිරිය යුතු යැයි ක්රියාවෙන්ම ආදර්ශමත් තවුස් ජීවිතයක් ගත කිරීමෙන් හුදී දනන් සිත් ශ්රද්ධා ප්රරඥා වඩවමින් කුසල් දහම් මග යොමු කල පුජ්ය් මාහෝ සුමේධ ස්වාමින් වහන්සේ, බුද්ධ භාෂිතය ජීවිතාන්තය තෙක්ම එකසේ ගරු කරමින් සීල භාවනා වඩමින් ගත කල ආදර්ශමත් චරිතයකින් හෙබි මහෝත්තමයෙකි.
උන් වහන්සේගේ හද තුල රෝපණය වී ඇති මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂ ආදී ගුණයෝ සිත ගත ඉතිරී ගියා පමණක් නොව අවට පරිසරයද ඒ ගුණයන්ගෙන් පිරී ඉතිරී ඇති බව උන් වහන්සේ වෙත පැමිණ ඇති කවරෙකුට වුවද, නිතැතින්ම වැටහෙනු ඇත.
ඒ බෝසත් චරිතය ආදර්ශයට ගැනීම නිවන් මගට පිවිසීමට මහත් රුකුලක් වන හෙයින් සංක්ෂිප්ත වශයෙන් මෙහි සඳහන් කරමි.
ජන්ම භුමිය: කුරුණෑගල දිස්ත්රි්ක්කයේ වන්නි හත් පත්තුවේ පහල විසිදෙකේ කෝරලයේ මහව ග්රා්මය උන්වහන්සේගේ ජන්ම ලාභය ලබා ගැනීමේ වර ප්ර්සාදය ලැබීය.
මව්පියෝ: මහව සත් ගුණවත් බණ්ඩාරනායක මුදියාන්සේලාගේ ටිකිරි බණ්ඩා මහත්මානෝ උන්වහන්සේගේ පියාණන් වීමේ භාග්යසයද,  ප්රයධාන මුදියාන්සේලාගේ මුතු මැණිකා මහෝපාසිකාව මෑණියන් වීමේ භාග්යසද ලැබුහ.
උප්පත්තිය: ක්රිතස්තුවර්ෂ 1916 ක් වූ වෙසක් පුර පසලොවක පොහොයට පෙර දින උන් වහන්සේ මෙලොව එලිය දුටහ.
පැවිදිවීම: ගලයාය විහාරයේ පැවැති පුජ්‍ය පිංකමකට සහභාගී වීමට මැනියන් සමග විහාරයට ගිය අවස්ථාවේ විහාරාධිපති ස්වාමින්වහන්සේ පැවිදි වීමට කැමතිදැයි විමැසූ විට නොපැකිලම සත් වසක් වියපත් දරු කුමරු කැමැත්ත පල කළෙන් මව් අවසර ලැබ, ඒ වේලාවේම ගලයාය විහාරාධිපති පුජ්යැ මහකෝන් වැවේ සරනංකරාභිධාන ස්වාමින් වහන්සේගේ සහ කයිකාවල රජමහා විහාරාධිපතිව වැඩ විසු සද්ධර්මවාගීශ්චාර්ය කදුරුවැවේ ඉන්ඳසුමණාභිධාන ද්විතීය සංඝනායක හිමිපාණන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්යචත්වයෙන් වර්ෂ 1923 මැයි මස 6 වැනි දින පෙරවරු 9.36 ට යෙදුන සුභ මොහොතින් මාහෝ සුමේධ නමින් උතුම් ප්රවව්ජ්යායව ලැබීය.
ඉගෙනීම: තම ආචාර්ය වහන්සේලාගෙන් මුලික බණ දහම් හැදෑරු මාහෝ සුමේධ පොඩි හාමුදුරුවන් වහන්සේ අනුරාධපුර මහා විහාර පිරිවෙනට ඇතුලත් කළෙන් ගුණ ගරුක දවිදී දිවියකට අත්යාරවශ්යඅ ධර්මෝපදේශ ලබා උසස් අධ්යාවපනය සඳහා කොළඹ රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනට ප්රාවිශ්ටව බුරුම භාෂාව ඇතුළු ෂඩ් භාෂාවන් පිලිම්බන්දව සම්පුර්ණත්වයට පැමිණ පණ්ඩිත ශිරෝමණි උපාධිය හිමි කර ගත්හ. පැය තුනකින් ලිවිය යුතු ව තිබු ප්රපශ්න පත්ර වලට පැයකින් පිළිතුරු ලියා හැම විෂයකටම විශිෂ්ට සාමාර්ථය ලබා ගත්තේ උන් වහන්සේ තුලවූ කුසලතා ගුණය නිසාමය.
කෘතවේදී ගුණය:: අවන්කත්වයේ ප්රේති මුර්තියක් වූ ධර්මධර මාහෝ සුමේධ ස්වාමින් වහන්සේ වසර තුනක් නිස්සරණ අද්යාෂයෙන් අකණ්ඩව ගුරු සේවයේ යෙදී ධර්ම ශාස්ත්රෝද්ග්ර්හණයට මග සැදු රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන් ගුරු මෑණියන්ට සිය කෘතවේදී ගුණය පුද කළහ.
යෝගාවචර ජීවිතය: සසර බිය මහත්සේ පසක් කල උන් වහන්සේ චිත්ත පාරිශුද්ධිය ප්රදගුණ කරනු වස් වන සෙනසුන් ජීවිතය සඳහා පෙළඹුණි. සල්ගල ආරණ්යඋ සේනාසනය, පොකුණුවිට භාවනා යෝගශ්ර මය, ආදී ආශ්රුම වල භාවනා වඩමින් චිත්ත දමනය සඳහා වෙහෙසුනහ.
රෝගාතුර තත්වයක් උදාවූ හෙයින් දායක දායිකාවන්ගේ බලවත් ඉල්ලීම පරිදි 1963 වෙසක් පුර පසළොස්වක දා මහව ගලයය විහාරයේ තනන ලද වෙනම කුටියකට වැඩම කල සේක. 1963 වර්ෂයේදී උදරයේ හටගත් පිළිකාවක් ශල්ය කර්මයකින් ඉවත්කර ප්රදතිකාර ලබන්නට සිදුවිය. බඩවැලේ එම කොටස ඉවත් කර රබර් නලයක් යොදා ශල්ය කර්මය කෙරුනේය. උන් වහන්සේ තවත් අවුරුදු 2කට වඩා ජීවත්වීම උගහට බව වෛද්යය මතය විය. එසේ වුවත් උන්වහන්සේ ඉන් පසුව අවුරුදු 26 කම ජීවත්වන්නට පින් ඇතිව සිටි සේක.


දහම් පොත්: ගිහි පින්වතුන්ගේ ප්රුයෝජනය සඳහා සකස් කල දහම් පොත් රාශියකි. ඒවා අතර ශ්රීම සද්ධර්ම මඥාරිය, ගිහි විනය, සීල භාවනා, සීල ප්රතතිපදා, භාවනා සහ වැඳුම් පිදුම්, ප්රlර්ථනා ගාථා ආදිය වේ. තවද ධර්ම පත්රි කා, ලිපි ලේඛනද  රාශියෙකි.


ධර්ම දේශනා: උන්වහන්සේගේ සුමධුර ධර්ම දේශනා විලාසය කෙරෙහි ගිහි පැවිදි දෙපිරිසම අතිශයින්ම පැහැදුනෝය. බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් අවබෝධ කරවීමෙහි ලා උන් වහන්සේගේ මුවින් ගිලිහුණු උපමා උපමේය කෙතරම් උචිත වුයේද යත්, ධර්මය නොදන්නා අයෙකුට වුවත්, ධර්මය ඉතා පහසුවෙන් වටහා ගත හැකි විය. බුදු රුව වැනීමෙහිදීද බුදු ගුණ ගැයුමෙහි දීද, උන් වහන්සේගේ මුවින් ගිලිහුන වචන මාලාව කවරේද යත්, අසන්නා ඉදිරියේ ඒ කරුණා ගුණයෙන් පිරී ගිය දෙතිස් මහා පුරුස ලකුණෙන් බබලන අසම සම බුදු රුව මැවී පෙනෙනු ඇත. ශ්ද්ධා ප්ර්ඥා වඩ වඩාත් දියුණු තියුනුව වැඩෙනු ඇත.
අති පවිත්රච ශුද්ධ චේතනාවෙන් කරනු ලබන උන්වහන්සේගේ පිංකම් සහ දේශනා ඇසීමට මහජන ගඟ ගලා ආවේ, කිසිදු ප්රසිද්ධ කිරීමකින් තොරවය. රුවන් වැලි සෑ මළුවේ කරන ලද අසදෘශ මහා පිංකම එයට උදාහරනයෙකි.
මාහෝ සුමේධ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා අසන්නට පිවිසෙන්න. CLICK


අවසානය: 1989 මාර්තු 19 වෙනි දින අසනීප ගතියක් ඇතිවී දායක මහතුන් විසින් වහාම කුරුණෑගල පුද්ගලික රෝහලකට ඇතුලත් කරන ලදී. දහවල් දාන වේලාවෙන් පසුව ළඟ සිටි උපස්ථායක ළමයාට කතාකොට “මට දැන් සනීපයි, අසනීපයක් නැහැ. පුතා ගිහින් කෑම කන්න” යැයි පවසා ඇත. බලවත් ලෙස කී ඉල්ලීම පරිදි ඒ ළමයා කාමරයෙන් එලියට පැමිණ ඇත. කෑම නොගෙන එකෙනෙහිම වාගේ උපස්ථායක ළමයා නැවත කාමරය තුළට ගොස් ඇත. ඔහුට දක්නට ලැබී ඇත්තේ නොනැගිටින නින්දක සැතපෙන ස්වාමින් වහන්සේය.
ගරු සුමේධ හිමිපානන්ගෙන් ශාසනයට මෙන්ම සමාජයටද සිදුවූ නිහඬ සේවය ප්ර්මාන කල නොහැක. උන්වහන්සේගේ ආදර්ශමත් චරිතය පිටු දහස් ගණනකින් වත් ලියා නිම කල හැකි නොවේ. සියළු ගුණ කැටි කොට පවසොතොත්, මෑත භාගයේ පැවිදි උතුමන් අතර බුදුන් වහන්සේ තම ශ්රාිවකයින් වහන්සේලාට නියම කරන ලද පැවිදි ප්රභතිපත්තිය අකුරටම පිළිපැද්ද බෝධිසත්වයන් වහන්සේ කෙනෙකු ලෙස නිසැකවම පැවසිය හැකිය.
ගරු මාහෝ සුමේධ ස්වාමින් වහන්සේට බුදු බවම අත් වේවා.


සුමේධ හිමියන් කල අසදිසි පින්කම්:
1942 වර්ෂයේ තුපාරම චෛත්යෝ රජයනන්වහන්සේ වස්ත්රත පලන්දනවකින් වසා පුජා පැවැත්වීම.රුවන්වැලි සෑය අබියස කප්රුක් 4 ක් පුජා කිරීම
1950 වෙසක් පොදින ඔලබොඩුව විහාරස්ථානයේ චෛත්යන රාජයාණන් වහන්සේ මුළුමනින්ම නෙලුම් මලින් වසා කරන ලද පුජාව
1951 වර්ෂයේ එම චෛත්යල විදුලි බල්බ වලින් සරසා කරන ලද ආලෝක පුජාව.
1956 වර්ෂයේ ජනවාරි 27, 28, 29 දිනවල මහනුවර ශ්රීව දළදා වහන්සේ වෙත රිදී පහනක් සහිත පුජාවක් පැවැත්වීම
1956 දඹදිව වන්දනාව, කොළඹ බොරැල්ලේ එෆ් ආර් සේනානායක මැතිනියගේ ආරාධනයෙන් වස්වැස තෙමසක් කරන ලද ධර්ම දේශනා පින්කම්
1959 ඉංගිරියේ මඩකඩ අරණ්ය‍ ඇතුළු ආරණ්ය තුනකට ගිලනුන්ට අවශ්යි සියළු උපකරණ සහිත සාංඝික දානමය පිංකම
1963 තුපාරාම චෛත්යප ෂඩ්වර්ණ වස්ත්රආයෙන් සම්පුර්ණයෙන් වසා පළඳනාවක් පුජා කිරීම සහ නා නා පිරිකර ඇතුලත්ව කරන ලද මහා පුජාව.
1963 මහව ගලයාය විහාරයේ සාදවන ලද කුටියට වැඩමවීම
1964 අනුරාධපුර ජය ශ්රී මහා බෝධීන් වහන්සේ සිසිල් පැනින් නහවා කරන ලද පුජාව.
1965 අනුරාධපුර මහමෙව්නා උයනේ පොල් තෙල් පහන් 84000 ක් පත්තුකර කල ආලෝක පුජාව
1966 මැයි 8 වෙනිදා කොළඹ මහාබෝධි මන්දිරයේ දී අග්රු ශ්රාාවක ධාතුන් වහන්සේලාට කල පුජාව
1974 ජනවාරි මස මහනුවර දන්ත ධාතුන් වහන්සේට මැණික් ගල් අල්ලා නිම කල රන් මාලයක් ඇතුළු නා නා පුජාවන්
1982 කුරුණෑගල ආයුර්වේද රෝහලට බෙහෙත් ද්ර්ව්ය් ඇතුළු රෝගීන් සඳහා උපකරණ සහ ආහාර සහිතව කරන ලද පුජාව
1984 රුවන්වැලි සෑ රජුන්ට කල අසදෘස පුජාව
1985 දන්ත ධාතුන් වහන්සේ වෙත සුවඳ ආලේප වර්ග සහිතව කල පුජාව, සිද්ධමුල්ල විහාරස්ථානයේ කල අසදුස දානය
1986 ගලයාය විහාස්ථානයේ කල අසදුස දානය

1988 ථුපාරාම චෛත්‍යයේ අලංකාර වස්ත්‍ර පලන්දනාවෙන් වසා අනෙක විධ අප්‍රමාන පිරිකර සහිතව කල මහා පුජාව
සුමේධ මාහිමිපාණන් වහන්සේගේ අවසාන කාලයේ අවුරුදු දහයක් පමණ සිට බුද්ධ පුජා ආහාර සහ ගිලන්පස භාජන ගණන් කෙළෙමි. මේ අනුව 1988 නොවැම්බර 9 වැනි දිනට ආහාර පුජා පාත්රණ ගණන ඒක ලක්ෂ එකසිය අනු පහක් වේ. (මේ හැරුණු විට ලංකාවේ සොළොස් මස් ස්ථානවල අනෙක විධ පුජා භාණ්ඩ සහිතව කරන ලද දානමය පිංකම් බොහෝය. මෙයින් 1963 වසරේ මහව ගලයායවිහාරයට වැඩමවීමට පෙර කරන ලද බොහෝ පිංකම්ය අතර ගෝනපොල සම්බුද්ධ ප්රේජා සමිතියේ මෙහෙයවීමෙන් කරන ලද ධර්ම පත්රිටකා මුද්රබණය වැනි ධර්ම දානමය පින් කම් , සතුන් මරණයෙන් නිදහස් කර ගැනීම, උපාසක උපාසිකා දැන් ආදී අනෙක විධ පින්කම් නොකඩවා සිදු කෙරිණි.)

සුමේධ හිමියන්ගේ දින චරියාව
අලුයම 3.00 ට අවදි වීම
අලුයම 4.00 ට මුහුණ සෝදා විහාරයට වඩින වෙලාවට පොරෝනා සිවුරු පොරෝවාගෙන විහාරයට වැඩම කිරීම සහ භාවනා කිරීම
අලුයම 5.00 බුද්ධ තේවාව, 5.20 බුද්ධ පුජාව,
උදේ 6.00 හීල් දානය වැළදීම උදේ 7.00 ට පිණ්ඩපාත දානය නියම දින වලදී පිණ්ඩපාත දානයට වැඩම කිරීම. එහිදී බුද්ධ පුජාව තබා විනාඩි 45ක් පමණ ධර්ම දේශනාවක් කර නැවත විහාරයට වැඩම කිරීම. ගමන් කරන වාහන තුලදී පවා උන්වහන්සේ භාවනානුයෝගීව වැඩම කල සේක. විහාරස්තානයෙදී පැමිණ සිටින දායක පින්වතුන් සමග අවශ්යහ තොරතුරු පමණක් සාකච්චා කිරීම
උදේ 10.00 වන විට බුද්ධ පුජාව අවසන් වෙයි.
10.30 ට දවල් දානා ගැනීම. 11.30 වන විට දානය ගැනීම අවසන් කොට දැහැටි පාවිච්චිකර හොඳින් මුව දෝවනය කරයි. ඉඳුල් කඩක් හෝ මුව තුල රැදී තිබුනොත් විකාල භෝජනයක් සිදුවී ශීලයට කැළලක් සිදු වෙයි නිතොර සඳහන් කර ඇත.
දවල් 12.00 ට නැවත විහාරයට වැඩම කර මල් බඳුන් 7ක් හෝ ඊට වැඩි ප්රසමාණයක් ගෙන බුදු ගුණ කියමින් පැයක් පමණ වෙලා දෑස් පියාගෙනබුදුගුණ මෙනෙහි කරමින් සිට දෙකට පමණ ගිලන් පස පුජා කර භාවනා වඩා දෙවියන්ට පින් දීම
දවල් 2.00 ට පමණ නැවත වැඩ සිටින කාමරයට පැමිණ ධර්මය මෙනෙහි කිරීම. පාලි, සංස්කෘත බුරුම ආදී දහම් පොත් කියැවීම
සවස 4.00 ට නැවත විහාරයට වැඩම කිරීම. මල් පුජා කර දොළොස් මහා පහන් පුජාව සුවඳ දුම් පුජාව කර බුද්ධ තේවාව පවත්වා නැවත කාමරයට වැඩම කිරීම.
සවස 6. සිට රාත්රී 8 වෙන තෙක් විවේකීව හැම් පොත් කියවමින් සිට ඉන්පසු කුටිය තුල භාවනානුයෝගීව සැතපීම
අසනීපයක් හැරුණු විට අනෙක් සෑම අවස්ථාවකම උන්වහන්සේගේ දින චරියාව බුදු කිස නොවෙනස්ව පවත්වා ඇත.
දිනපතා ඉහල සඳහන් පරිදි බුද්ධ තේවාව පවත්වා බුද්ධ පුජාව කරන අතර වසරකට වරක් අසදුස මහා පුජාවක් පවත්වා සදේවක ලෝකයාට පින් පමුණුවනු ලැබේ.