මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින්වහන්සේ (1901-1992)

Most Ven Matara Sri Gnanarama Maha Swaminwahanse

Most Ven Matara Sri Gnanarama Maha Swaminwahanse

අතිපුජ්‍ය මහෝත්තම ඥාණාරාම ලොකු ස්වාමින් වහන්සේ  උපත ලද්දේ මාතර දිස්ත්රික්කයේ තිහගොඩට නුදුරු (දැනට “උඩුව” ලෙස හැදින්වෙන) බජ්ජිම ගම්මානයේ  1901 වසරේ දෙසැම්බර් 11 දාය. පියා එම ගමේ ගම මුලාදෑනි ආරච්චිල වූ දැද්දුවේ දොන් බැස්ටියන් ජයතුංග මහත්මාය. උන්වහන්සේගේ ගිහි නම  දොන් ඩයස් ජයතුංග විය. පවුලේ බාලයා ලෙස උපන් මේ දරුවා සාසනයට පුජා  කරන්නට එම පවුලේ ගිහි ඥාතිත්වයක්  ඇතිව සිටි, අලියාතොල්ල පන්සලේ විමලජෝති හාමුදුරුවන් කල ඉල්ලීම දෙමව්පියන් පිළිගත්හ. ඒ අනුව ජයතුංග දරුවා ට සත් විය පිරුන පසු 1908 වසරේදී පමණ  දරුවා, විමලජෝති ස්වාමින්වහන්සේට භාර දෙනු ලැබීය. පංසලේ චාරිත්‍ර වාරිත්‍ර කලක් ඉගැනීමෙන් පසු 1917 දෙසැම්බර් මස දිනෙක, දෙවගොඩ ශ්‍රී විජයාරාමාධිපති රාමන්ඥ නිකායේ ප්‍රථම ලේඛකාධිකාරී, පුජ්‍ය මාතලේ අග්ගධම්මාලන්කාර ස්වාමින්වහන්සේගේ අධීක්ෂන්ත්වයෙන්,  මාතර ඥානාරාම නමින් සසුන් ගත කරන ලදී.

ගුණ නැන දෙකින් කෙමෙන් වැඩෙමින් පැවිදි දිවියේ මුල් කාලය ගෙවූ, මේ තුරුණු ස්වාමින්වහන්සේ 1922 ජුලි 10 වැනිදා ශාස්තවෙල්ලියේ උපසේන මාහිමියන්ගේ ආචාර්යත්වය යටතේ උතුම්වූ උපසම්පදාවෙහි පිහිටවූ සේක. ශීලාදී ගුනස්කන්ධයකින් හා මහත් ඥාණ සම්භාරයකින් පොහොසත්වීමේ දැඩි අදිෂ්ටානයක් උන්වහන්සේ තුල විය. ඒ විපුල වූ ඵලය සදහා අල්පවුද සැපයක් ඇත හැරීමේ ගුණය උන්වහන්සේට පිහිටියේය. මුළු රෑ නොනිදා පොල්තෙල් පහනක එළියෙන් ත්‍රිපිටක පොත් හැදෑරීම නිතොර සිදුවුණි.
මත්තා සුඛ පරිච්චාගා
පස්සේ වේ විපුලන් සුඛං
වජේ මත්තා සුඛං ධීරෝ
සම්පස්සන් විපුලන් සුඛං ( ධම්මපදය- පකින්නක වග්ගය)
අල්ප මාත්‍රවූ සැපයක් අතහැරීමෙන් මහත්වූ සැපයක් ලද හැකිබව පෙනෙයි නම්, මහත්වූ සපයා ගැන බලමින් නුවනැත්තා අල්පවූ සැප අත් හරින්නේය..

ත්‍රිපිටක ධර්මය පිලිබදව බහුශෘත, ශෘතධර, ශෘත සන්නිචය බවක් මෙන්ම පාලි, චන්දෝලන්කාර , තර්ක ශාස්ත්‍ර, සමය දර්ශනාදී විවිධ විෂයයන් පුරා පැතිරගත් විශද විපුල ඥාණ සම්භාරයක්, අප මාහිමිපාණන් වහන්සේ තුල තැන්පත්විය. මෙසේ ගැඹුරු ගුණයෙන් හා නැණ  නුවණින් සමන්විත වෙත්ම, පෙර සසර පුරුදු අනුවදෝ උන්වහන්සේ වඩ වඩා විවේකයටම නැඹුරු වන්නට වුහ. ගුණ නැණ දෙකෙහිම සාරය  කාය – චිත්ත  විවේකය තුලින් මතුකර ගැනීමට උනන්දු වුහ. එහි අග්‍ර ඵලය වුයේ මානික්‍යක් සේ මිනි රැස් විහිදුවන ආදර්ශවත් චරිතයක් නිර්මාණය වීමය.

1951 බුදුන්ගේ ධර්මය වීදුරු අල්මාරිවල තබා, ඊට සුවද පුජා කරමින් භාවනා කිරීම අන්තරාදායකයයි කියන සංඝයා සිටි යුගයක නිර්වාන මාර්ගය හෙළි කොට ගන්නට ඉදිරිපත්වුන භික්ෂුන් එවිට සොයාගන්නට අපහසු විය. මේ දුර්භාග්‍ය දුරුකර ලිය යුතුයැයි අධිස්ටානයක් කොට සිට අතිපුජ්‍ය කඩවැද්දුවේ ජිනාලංකාර ස්වාමින්වහන්සේ,  භාවනා කමටහන් වැඩීම සදහා මහණ දම් පුරන්නන්ට කුමන හෝ පහසුකමක් කල හැකිදැයි සිතන්නට වුනි. එක සිත් ඇති අනෙකුත් ජේෂ්ඨ භික්ෂුන් වහන්සේලා ගේ එකගත්වය ඇතිව රාමන්ඥ නිකායේ මුලිකත්වයෙන් 1951 ජුනි මස 5 වැනි දින දී ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාව නමින් පිහිටුවා ගත්සේක. ඥානාරාම ස්වාමින්වහන්සේගේ තොරතුරු සොයාබැලූ කඩවැද්දුවේ ජිනාලංකාර ස්වාමින්වහන්සේ, අලුතින් ඇතිකළ සිය සංවිධානයට එකතුවන ලෙස ඥානාරාම ස්වාමින්වහන්සේ ට ආරාධනා කළේය. කිසිදු සංවිධානයකට බැදෙන්නට උන්වහන්සේගේ ඇති නොකැමැත්ත වටහාගත් ජිනාලංකාර හිමියෝ සංවිධානයේ ආරාධිතයෙකු සේ භාවනා වැඩසටහන් වලට සහභාගී වන්නට කල ඉල්ලීම ඥානාරාම ස්වාමින්වහන්සේ පිළිගත්තේය. කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ අලුතින් ඇතිකළ දනව්කන්දේ ශ්‍රී මංගල යෝගාශ්‍රම අසපුවේ භාවනා කමටහන් වඩනා භික්ෂුන් වහන්සේ ට කමටහන් දෙන්නට බුරුමයෙන් ජේෂ්ට කම්මට්ටානාචර්යතුමන් කිහිප නමක් වැඩමවා ගන්නට ජිනාලංකාර ස්වාමින්වහන්සේට හැකි විය.

ක්‍රිස්තු වර්ෂ 1956 මයි මස ට යෙදී තිබුන 2500 බුද්ධ ජයන්තිය සැමරීමේ උත්සවයට සමගාමීව, මෙම භාවනා වැඩසටහන ක්‍රියාත්මක විය. මේ  සදහා පුජ්‍ය ඥානාරාම ස්වාමින් වහන්සේද එක්විය. ඒ වනවිටත් භාවනාවෙහි බොහෝ කල් යෙදී සිටි ඥානාරාම හිමියන්ට මේ කාලය තුල තමනට බොහෝ අත්යාවශ්යව තිබුණු කාරනා නිරවුල් කරගත හැකිවිය. උන්වහන්සේගේ අසීමිත උනන්දුවත් ඒ මගින් ලබන විශ්මිත ප්‍රගතියත් දුටු බුරුම ස්වාමින් වහන්සේලා ඔවුන් දත් සියල්ල උන්වහන්සේට කියා දුන්නෝය. සම්පුර්ණ කම්මට්ටානාචර්ය වරයෙකු වන්නට අවශ්‍ය සියලු දැනුම මේ කාලය තුලදී පුජ්‍ය ඥානාරාම ස්වාමින්වහන්සේට  ලබා ගත හැකිවිය.

සැගවුන   මැණිකක් හදුනා ගැනීමට ළංකර ගැනීමට සමත්වන්නේ මහා පිනැත්තෙක්මය. ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක අති පුජණිය  රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහා ස්වාමින්වහන්සේ එවැනි පිනැත්තෙකි. ඥානාරාම හිමියන්  ගේ අසීමිත ක්‍රියාවලින් තුලින් උන්වහන්සේගේ හැකියාව සහ චර්යාව දුටු ජිනාලංකාර හිමියෝ ශ්‍රී කල්‍යාන යෝගාශ්‍රම සංස්ථාවේ භාවනා වැඩපිළිවෙලේ මුලස්ථානය ගන්නට නැවතත් ඥානරාම හිමියන්ට ඉල්ලුම් කළේය. උන්වහන්සේ ඒ පිළිගත්තේ හෙළ සඟ සසුනට තමනට කළහැකි සියලු ආධාරයක් කරන්නට ඉන් ඉඩ සැලසෙන නිසාවෙනි.

එතැන් පටන් උන්වහන්සේ සිය කාලය වැයකලේ නිස්සරණ වනය සෙනසුණේ භාවනා යෝගීන්ගේ අධ්‍යාත්මික දියුණුව උදෙසාමය. උන්වහන්සේ ගේ නිබද අවවාද අනුසාසන වලින් මග වැඩු දෙනා අතර පුජ්‍ය පානදුරේ ඛේමානන්ද ස්වාමින්වහන්සේ, පුජ්‍ය මීතිරිගල ධම්මාවාස ස්වාමින්වහන්සේ, පුජ්‍යපාද කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින්වහන්සේ, පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ ,  ඊශ්‍රායලයේ පුජ්‍ය අයිය ඛේමා භික්ෂුණිය ආදීහු නම් කල හැක.


තමන්ගේ මග වඩන අතර සෙස්සන්ට තමන් ආ මග කියාදෙමින්, ගරාවැටෙමින් තිබු සිංහල දේශයේ සංඝ සාසනය, යලි උත්තාපනය කල මේ මහා සංඝ පීතෘන් වහන්සේ 1992 අප්‍රේල් 30 වැනිදා මනුලොවින් සමුගත්සේක. අම්බලන්ගොඩ ගල්දුවේ ගුනවර්දන යෝගාශ්‍රම භුමියේ  1992 මැයි 7 වැනිදා සිදුවුණ ආදාහන පුජෝත්සයයට දස දහසක් දෙනා සහභාගී වුහ. උන්වහන්සේගේ මනාපාකාරයෙන්ම, උන්වහන්සේගේ සසර ගමන නිමාකරන සේක්වා

උත්තම කමටහන් ධර්මදේසනා අසන්නට CLICK HERE

ලිඛිත පොත්  බාගත කරගන්නට පොතේ කවරය ක්ලික් කරන්න

 pacaskanda-Vibhagaya        saptha_bojjanga        Anapanasathi 

 vidharshana-Parapura      KamatahanDesana     samatha

 

 


%d bloggers like this: