1939-2016 නාඋයනේ අරියධම්ම මහා තෙරුන්

Dhamma Desana

DESHANAA  870 Talks

1939 අප්‍රේල් 24 වැනිදා කුරුණෑගල ඉමිහාමිනේ ගමදී ජන්ම ලාභය ලැබූ  හිමියෝ ඉතා ලපටි කලදීම පැවිදි වුයේ මව් පිය බලපෑමෙන්  නොව තමන්ගේම සිය කැමැත්තෙනි. නිලාගම රජයේ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ වීගොඩ බෝධිරක්ඛිත හිමියන් යටතේ 1957 මාර්තු 27 වැනිදා පැවිදි දිවියට පත්වූහ.

උන්වහන්ගේ වචන වලින්ම එම තොරතුරු අසන්නට පහත ලකුණ ඔබන්න.

1959 වසරේ ජූලි 15 වැනිදා උපසම්පදාව ලැබූ අරියධම්ම හිමියෝ ගැටමාන්නේ ශ්‍රී විමලවංශ, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ, දේවගොඩ මංගලසිරි සහ මාතර ශ්‍රී ඥානාරාම යන මහ තෙරවරුන්ගෙන් ඇසුරේ ධර්මය හැදෑරූහ. බුරුමයේ සිට මෙරටට පැමිණ සිටි න්‍යානින්ද හිමියන් යටතේ බුරුම භාෂාවද හැදෑරූ අරියධම්ම හිමියෝ පාලි හා සංස්කෘත භාෂා පිළිබඳවද හසල ඥානයකින් යුතු වූහ. අරහත් උතුමන් වහන්සේ කෙනෙක්  ලෙස සිය දිවියෙන් පසු ලොවම පිලිගත්  බුරුමයේ  පා ඖක්ත්‍ මහා තෙරුන් ගෙන් විදර්ශනා කමටහන්ට වැඩීම  ප්‍රගුණ කළ අරියධම්ම හිමියන් තමන්ටද  සිය ගුරු හිමියන්ගේ මග ගමන් කරන්නට හැකිව තිබියදීත් තම අභිමතාර්ථය වූ සම්මා සම්බුධත්වය අපේක්ෂාවෙන් අන්තිම හිනිපෙත්තට නොනැගුනොය,

1997 දී ආපසු ලක් දිවට සපැමිණි නා හිමියන් තමන් උගත් ප්‍රගුණ කල එම බුරුම භාවනා ක්‍රමය සිය ශිෂ්‍යයන්ට උගන්වා වදාළ සේක.  මෙම භාවනා ක්‍රමය කොතරම් සාර්ථක වීද යත් බොහෝ විදේශීය බෞද්ධයන්ද නාඋයනේ සෙනසුනේදී පැවිදි බව ලබා කමටහන් වඩන්නට වුහ.

උන්වහන්සේගේ ධර්ම ඥානයට උපහාර පිදීම් ලෙස බුරුම රටෙන් මහා කම්මට්ඨානාචාර්ය සම්මානයක් පුදන ලද අතර නොයෙක් සංඝ සංස්ථාවන් උන්වහන්සේට නොයෙකුත් සම්මාන බුහුමන් පිදුවෝය. ඒ කිසිවක් වැලි කැටයක් සේ වත් අගය නොකළ උන්වහන්සේ සිය නමෙහි කිසිදු විරුදාවලියක් යොදනවාට කැමැත්තක් නොපෙන්වුයේය.

nu

මෛත්‍රී ගුණයෙන් ලොවක් පුරවා ලු උන්වහන්සේ දන්නා නොදන්නා සියල්ලන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර විය. අපරදිග සංඝයාවහන්සේ ලා නිතොර කීවේ ලංකාවේ අරියධම්ම ලොකු හාමුදුරුවෝ මෛත්‍රියේ උල්පතක්ය කියාය.

උන්න්සේ වහන්සේ ගේ ගුණයන් කියන්නට නොහැකිවන්නේ අප දන්නා කාලයක් මෙබඳු මගා අසාමාන බුද්ධ පුත්‍රයාණන් කෙනෙකු මෙරට පහල ව නොසිටි නිසාමය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක අති පුජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියෝ 2016 සැප්තැම්බර්ද 7 වැනිදා  පෙරවරුවේ අපවත් වූහ. අපවත්වන විට උන්වහන්සේ 77 වැනි වියේ පසුවූහ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිලිබඳ ආදාහණ උත්සවය රාජ්‍ය ගෞරව සහිතව සැප්තැම්බර් 12 වැනි සඳුදා පාර්ලිමේන්තු පිට්ටනියෙදී සිදු කරන ලදී.

 

Advertisements