වජිරාමවාසි පියදස්සි මහ තෙරුන්

piyadassi

1914 ජුලි මස 8 වැනිදා කොළඹ කොටහේනේ ඩී උපත ලද පියදස්සි ගිමියන්ගේ ගිහි කල ගැන හෝ පව්ලේ විස්තරයක් මේ ලිපිය ලියන මට සොයාගන්නට නොහැකි විය. උන්වහන්සේ මුල් අධ්යා පනය ලැබුවේ කොළඹ නාලන්දා විද්යාිලයේය. වයස අවුරුදු විස්සේදී පුජ්යම පැලෑනේ වජිරඥාන ස්වාමින් වහන්සේගේ අධීක්ෂණය යටතේ බම්බලපිටියේ වජිරා රාමයෙදී සසුන් ගත විය. උන්වහන්සේගේ ප්ර්ඥාවන්ත භාවය සහ උනන්දුව කෙබඳුද යත් මහණ උපසම්පදාවෙන් සය මසකට පසු ඉහල උපසම්පදාව ලබාගන්නට උන්වහන්සේ ට හැකි විය. අති පුජ්යණ පැලානේ වජිරඥාන හිමියන් වැනි උපාධ්යගයන් වහන්සේ කෙනෙකු ලැබීමත්, අම්පිටියේ රාහුල, මඩිහේ පග්නාසීහ ,නාරද හිමියන් වැනි ශ්රේ්ෂ්ඨ සංඝ පිතෘන් ගේ ආභාෂයත් උන් වහන්සේට සිය ශ්රාමණ ජීවිතය සාර්ථක කරගන්නට ඉමහත් අනුබලයක් වූ බව නොසැකය.

ඒ කාලයේ වජිරාරාමයට නිතොර ආ ගිය ශ්රී‍මත් බාරොන් ජයතිලක, මහාචාර්ය ගුණපාල මලලසේකර, මහතා, කුමාරතුංග මුනිදාස පඬිතුමා වැනි උගතුන්ගේ ආශ්රහය පියදස්සි හිමියන්ට ඉමහත් බලපෑමක් විය. බෞධාගමේ හරය නොව මතුපිටින් ඇති පුද පුජා වලට සීමාවූ යුගයක නාරද හිමියන් හා පියදස්සි හිමියන් බෞද්ධ සාර ධර්ම ගැන කල අද්යුයනය භක්ෂූ සාසනයට අති මහත් සේවාවක් විය. බොහෝ විට පොල්තෙල් පහනක හෝ ඉටිපන්දම් එළියේ උපකාරයෙන් ත්රියපිටක පොත් අධ්යියනය කල පියදස්සි හිමියෝ, ලංකා විශ්ව විද්‍යාලයේ පෙරදිග අධ්යතයන පීඨයේ විද්යාප විශාරද උපාධිය ලැබුවේය. ඉන් පසු ආසියා පදනම මගින් ලබා දුන් විදේශ ශිෂ්යගත්වක් ලබා 1964 වසරේදී ඇමෙරිකානු එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්යාමලයේ පශ්චාත් උපාධියක් සඳහා ඇතුළුවිය. මෙම කාලය තුල උන්වහන්සේ ඇමෙරිකාවේ බොහෝ විශ්ව විද්යාශල සහ අනෙක් උසස අධ්යාඳපන ආයතනවල දී බෞද්ධ දර්ශනය ගැන බොහෝ දේශනා පැවැත්වීය. උන්වහන්සේගේ අසමාන අවබෝධය සහ කැපී පෙනෙන දේශණා ශෛලිය බොහෝ විදේශිකයන්ගේ විස්මිත ප්ර සාදයට හේතු විය.

බම්බලපිටිය වජිරාරාමයේ වැඩ විසු කාලය පුරා පියදස්සි හිමියන් මුළු ලංකාව පුරා නගරයක් ගමක් පාසා ධර්ම දේශණා පවත්වමින් ලංකාවේ බෞද්ධ ප්ර්බෝධයක් ඈති කිරීමට සමත් වීය. ලංකා ගුවන් විදුලියෙන්ද පසුව රූපවාහිනී මාද්යංයෙන්ද උන්වහන්සේ කල ධර්ම දේශණා අසා බොහෝ උගතුන්ද නුගතුන්ද,සැබෑ බෞද්ධයන් වුහ. උන්වහන්සේ ලියු පොත් පත් බොහෝය. පියදස්සි හිමියන්ගේ චතුර ඉංගිරිසි දැනුම නිසා රට රටවල බෞධාගම ප්රාචාරය කරන ගමන් බිමන් බොහෝ විය. යුරෝපයේ පමණක් නොව අප්රිිකාවේද ඈත පෙරදිග ද උන්වහන්සේ ධර්ම ප්රයචාරයේ නිරත විය.

මෙසේ බෞද්ධාගමට හා හෙළ දිව බොදු සස්නට අනුපම මෙහෙයක් කල පියදස්සි හිමියන් කොළඹ ජාතික රෝහලේදේ අපවත් වුයේ 1998 අගෝස්තු 18 වැනිදාය.

Read Books Written by Ven Piyadassi Maha Thero
Listen To Dhamma Desana