පුජ්‍ය පැලැනේ වජිරඥාන මාහිමි (1878- 1955)

ven-pelena-mahathero1වසර 1878 නොවැම්බර මස 25 වැනිදින, මාතරට නොදුරු කඹුරුපිටිය ග්‍රාමයේ පණ්ඩිත තුඩාවේ මුහන්දිරම් දොන් අන්දිරිස් ගුණවර්ධන පියතුමාටත් දෝන ගිමාරා සේරසිංහ මව්තුමියටත් දාව තෙවෙනි දරුවා ලෙස උපත ලත් මෙම අසහාය රුහුණු පුත්‍රයා සිය ප්‍රාථමික අධ්‍යාපනය ලද්දේ මිරිස්සේ රජයේ පාඨශාලාවෙනි. පසලොවෙනි විය සපැමිණි විට දෙමහල්ලන්ගේ ද ඔහුගේද කැමැත්තට අනුව 1893 ජුනි මස 25 දින කඹුරුපිටිය දේවගිරි විහාරස්ථානයේදී පූජ්ය වේරගම්පිට ශ්‍රී රේවත නාහිමියන්ගේ අධීක්ෂණ යටතේ පැළානේ වජිරඥාන නමින් සසුන්ගතවිය.තුඩාවේ පණ්ඩිත තුමා ලෙස ප්‍රසිද්ධව සිටි උන්වහන්සේගේ පියා සිය විවාහයට පෙර මහණව සිට ධර්මය සංස්කෘත ආදිය උගෙන ගෙන සිටියෙක් වීම නිසා එතුමාගේ නිවාස නිබඳව ගිහි පැවැදි බෞද්ධයන්ගේ ධර්ම සාකච්චා කෙරුණා තැන් විය. එබැවින් මහන්වන්න්නට පෙර සිටම පැලානේ හිමියන් විසාල ධර්ම දැනීමක් අත්කොටගෙන තිබිණ.
එම මුල් දැනුම නිසාම අපේ හාමුදුරුවෝ ඉතා ඉක්මනින්ම ත්‍රිපිටක ධර්මයද අනෙකුත් අටුවා ටීකා ආදියද උගත්තේය. උසස් අධ්‍යාපනය සඳහා 1897 වසරේදී විද්යෝදය පිරිවෙන ඇතුළුවනවිට උන්වහන්සේ ඉතාමත්ම උසස ධර්මධර භික්ශුවක් විය, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි (1827-1911) විසින් පාලන කල විද්යෝදය පිරිවෙන එවකට ලංකාවේ බෞද්ධ අධ්‍යාපනට වෙන්වුන ඉහලම මධ්‍යස්තානය විය.
පිරිවෙන් අධ්‍යපනයෙන් පසුව උන්වහන්සේ වැල්ලවත්තේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පදින්චියට පැමිණියේය. ඒ වනවිට උන්වහන්සේගේ ධර්ම කතිකත්වයද නොකිලිටි චරිතය ගැනද බොහෝ බෞද්ධයන් ඉතා උනන්දුවෙන් කතා බස් කරමින් තිබුණි. 1917 දී අමරපුර ධර්ම රක්ෂිත නිකායේ අනුනායක නායක ලෙස පත් කරන ලද අතර ඊට වසරකට පසු ඔහු නිකායේ මහා නායක, ලෙස පත් කරනු ලැබීය.
බම්බලපිටිය ප්‍රදේශයේ බෞද්ධයන් විසින් ධර්ම සංගමයක් පවත්වන්නට පටන් ගෙන තිබුනේ 1880 වර්ෂයේදීය. ජාතික වීරයෙක ලෙස එවකටත් ප්‍රකටව සිටි ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ශුරීන් , සුප්‍රසිද්ධ සිංහල නවකථාකරුවෙකු වු ඩබ්ලිව්.ඒ සිල්වා, ප්‍රරසිද්ධ සිංහල කවියකු වූ කටුනායක ලයනල් සිල්වා ආදී ප්‍රභූන් විසින් පවත්වාගෙන ගිය මෙම සංගමය මගින් ඉරිදා දහම් පාසලක් පවත්වා පළාතේ දරුවන්ගේ ධර්ම ඥානය වදවන්නටත්, මාස් පතා ධර්ම දේශනා පවත්වා සෙසු ජනයාට ධර්මය ලබා දෙන්නටත් කටයුතු කෙරින. පැලානේ වජිරඥාන හිමියන් වැල්ලවත්තේ සුවිසුද්ධාරාමයේ වැඩ ඉන්නා බව දැනගත් මේ ප්‍රභූන් උන්වහන්සේට බම්බලපිටියට පැමිණ එම මධ්‍යස්ථානය භාරගන්න ලෙස ආරාධනය කෙරුහ. එතුවක් තාවකාලික තැනක පැවැත්වුන බෞද්ධ සංගමය සඳහා ඉඩම් කොටසක් මිලට ගෙන එහි නව විහාරයක් සහ සංඝාවාසයක් කොට විජිරඥාන හිමියන්ගේ නමම යොදා එම ස්ථානය වජිරාරාමය ලෙස නම් කොට 1901 වසරේදී උන්වහන්සේට පුජා කරනු ලැබීය.එතුවක් තාවකාලික තැනක පැවැත්වුන බෞද්ධ සංගමය සඳහා ඉඩම් කොටසක් මිලට ගෙන එහි නව විහාරයක් සහ සංඝාවාසයක් කොට විජිරඥාන හිමියන්ගේ නමම යොදා එම ස්ථානය වජිරාරාමය ලෙස නම් කොට 1901 වසරේදී උන්වහන්සේට පුජා කරනු ලැබීය.
සී ජී සිල්වා මහතාගේ ධන වියදමෙන් නිමකළ පුස්තකාලය සහ සංඝාවාසයක් ද ඇතුළු සෙසු ගොනගිලි සංචිතය 1924 ජුලි 15 වැනිදින එවකට රට කල ඉංග්‍රීසි ආණ්ඩුවේ මහා ලේකම් සිසිල් ක්ලෙමන්ට්ස් මහතා ලවා විවුර්ත කරවන ලද්දේය පළාතේ බෞද්ධයන් පමණක් නොව ලංකාවේම ධර්ම පිපාසයෙන් සිටි විද්වතුන් වජිරා රාමයට පැමිණ ධර්ම කාරනා ගැන සාකච්චා කළහ. ඒ ඇරෙන්නට බටහිර රටවල සිට නොයෙක් විදේශිකයන් බෞද්ධාගම ඉගෙනගන්නට වජිරඥාන හිමියන් හමුවීමට ආහ. විදෙශිකන්ටත් මේ අමා ධර්ම ද්වාරය විවුර්ත කරදෙන්නට නම් ඊට සුදුසු භික්ෂු පිරිසක් බිහිකළ යුතු බව වටහාගෙන සිටි වජිරඥාන හිමියන් සිය ශියයන් ලෙස මඩිහේ පඥාසීහ හිමියන්, අම්පිටියේ රාහුල හිමියන්,පියදස්සි හිමියන්, නාරද හිමියන්, වැනි සංඝ රත්නයන් රැසකට භික්ෂු අද්යාපන දුන්නේ ඔවුන් දෙස් විදෙස් හි දස දහසක් දෙනාට පිහිට වුවෝමය.

අද ගුවන් විදුලි ධර්ම දේශනා දීනපතාම දවසමට සියයක් දෙසීයක් පමණ අසන්නට ලැබේ. ලංකාවේ විද්‍යුත් මාධ්‍යක පළමු වරට ධර්ම දේශනාවක් කලේ පුජ්‍ය වජිරඥාන ස්වාමින්වහන්සේය. 1928 වර්ෂයේ අප්‍රේල් 21 දා “කොළඹින් කතාකරයි” (COLOMBO CALLING) යන නමෙන් කල ගුවන් විදුලියෙන් උන්වහන්සේ විනාඩි 50 ක් දේශනාවක් කිරීමෙන් මේ ගුවන් විදුලි ධර්ම දේශනා කිරීම ඇරඹුණි.ඔහු 1937 දී ආරම්භ කරන ලද පඹුරණ මෙත්තෙයිය හිමියන් ගේ කතෘත්වයෙන් ප්‍රකාශනය කල “බෞද්ධ ළමයා” ළමා සඟරාව ශත දෙකකට අලෙවි කරන ලදී. සරල බසින් බෞද්ධ කවි, කතා මෙන්ම බෞද්ධ සිරිත් දරුවනට කියන්නට ඉඩ සැලසීමෙන් මෙම සඟරාව කල සේවය අසාමාන්‍යය. උන්වහන්සේ නිර්මානශීලී ලේඛකයකුඩා විය. උන්වහන්සේගේ කීර්තිමත් ශිෂ්‍යයා වන පූජ්ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන්ගේ වරක් ප්‍රකාශ කලේ වජිරඥාන හිමියන් ලිවූ එකතුව අවම වශයෙන් පිටු 300 වෙළුම් 25 කටත් වඩා වැඩි බවයි. බුද්ධන්ත ශතකය නමින් බුදු ගුණ සියයක් ගැන කල ග්‍රන්ථයද ශද්ධන්ත චින්ත නමින් ධරමයේ ගුණ අලලා කල මහා ග්රතයද ඒවායින් දෙකකි. උන්වහන්සේ පුවත්පත් සහ සඟරා වලටද “යටිලබ කවියර” නම් ආරුඩ නමකින් ලිපි ලිවුවේ සමාජයේ ඇති දුර්ගුණ සහ දුෂණය ට නිර්භය ලෙස පහර දෙමිනි. ප්‍රකට නවකතාකරුවෙකු වූ ඩබ් ඒ සිල්වා මහතා විසින් ආරම්භ කරන ලද සිරිසර සඟරාවට උන්වහන්සේ නිතොර ලිපි සැපයීය

උන්වහන්සේගේ පන්සලට නිතොර ආගිය අය අතර පුජ්‍ය කළුකොඳයාවේ පඥා සේකර නයම හිමියන් ශ්‍රීමත් බාරොන් ජයතිලක ශුරින් ගුණපාල මලලසේකර ශුරින් කුමාරතුංග මුණිදාස ශුරින් වැනි ය වුහ. උන්වහන්සේ බිහිකළ සිසු පරපුරේ කම්බුරුපියේ මහානාම හිමි, දෙනිපිටියේ සුමනසිරි හිමි, පඹුරණ මෙත්තෙයිය හිමි, කස්සප හිමි, කොග්ගල රෝහණ හිමි නාරද සහ පියදස්සි හිමියන් ගැන නොදන්නා බෞද්ධයෙකු ලංකාවේ නැත.

1955 සැප්තැම්බර් 21 දින උන්වහන්සේ අපවත්වන විට උන්වහන්සේ සැත්තැසත් වියෙහි පසු විය.

උන්වහන්සේට උපහාර පිණිස උන්වහන්සේ කල ගුවන් විදුලි ධර්මදේශනාවන් ගෙන් දැනට ඉතිරිව පවතින එකම දේශනාව අසන්නට සලස්වමු.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s