පුජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ

Panadre-A

සිරි ලක තුල දැන් දක්නට ලැබෙන මේ බෞද්ධ ප්‍රබෝධය ඇතිවුයේ පුජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ නිසා යයි යමෙක් කිවහොත් එය වැරදි නොවේ. 1940 ජූනි 22 වන දින පානදුරේ නල්ලුරුව නම් ගම ගොවියෙක් වූ ඩබ් සලමොන් ප්‍රනාන්දු හා ලිනී ප්‍රනාන්දු දෙමහල්ලන්ට දාව දෙවැනි දරුවා ලෙස උපන් මෙතුමාගේ ගිහි නාමය ලාල් බුද්ධදාස විය. මෙම ඉතා සැදැහැවත් බෞද්ධ පවුලේ තවත් සොහොයුරන් තිදෙනෙකු ද සොහොයුරියන් තිදෙනෙකුද වුහ.පානදුරේ නල්ලුරුවේ සිරි සීවලී විද්යාලය, පානදුරේ සිරිල් ජෑන්ස් විද්යාලයදී තම මූලික අධාපනය ලැබූ බුද්ධදාස ද්විතියික අධ්යාපනය ලැබූවේ හොරණ විද්‍යාර්ථ පිරිවෙනේහිය. කුඩා කල සිටම කීර්තිමත් විද්වන්ත භික්ෂූන් වහන්සේලා සමඟ ඇසුරු කිරීමට වාසනාව ලැබීය. පුජ්‍ය පානදුරේ ආරියවංශ, පුජ්‍ය කෙසෙල්වත්තේ චන්දමුනි ,පුජ්‍ය හොරණ වජිරඥාන, සහ පූජ්ය. කෝට්ටේගොඩ ඥානාලන්කාර ආදී හිමිවරුන්ගේ ඇසුරින්ද පානදුර නල්ලුරුව ශ්‍රී විමල දහම් පාසැලෙන් ධර්ම අධ්‍යාපනය ලැබීය.

වෙනත් තරුණයන් මෙන් වැඩි පඩි සහිත කොළඹ රැකියාවක් නොපැතූ බෞද්ධ වටාපිටාවට මහත්සේ ඇලුම්කළ බුද්ධදාස තරුණයා සිය රැකියාව ලෙස තෝරාගත්තේ අනුරාධපුරයේ සංරක්ෂණ මණ්ඩලයේ ලිපිකාර තනතුරකි. ඉඩකඩක් ලැබුන සම විටම ජයසිරි මහා බෝධිය සහ රුවන් වැලි සා රන්දුන්දේ මළුවේ භාවනා කරන්නට ඔහු කැමති විය. කලක් මෙසේ කල් ගත කරද්දී ගිහි කුව සිට තම පතනා චිත්ත ඒකාග්‍රතාවය ලබන්නට නොහැකි බව වටහා ගතොහුට සාසනයටේ ඇතුළු වීමේ අදහසක් ඇතිවිය.මේ කාලයේ දී අනුරාධපුරයේ කළුදිය පොකුණ ආරාමයේ වැඩසිටි භාවනා කම්ම්ට්ටාන ආචාර්ය පුජ්‍ය දොඩම්පහල චන්ද්රසිරි ස්වාමින් වහන්සේ දැන හැඳින ගත්තේය. මෙම ස්වාමින්වහන්සේ ශ්‍රී කල්‍යාන වංස නිකායට අයත්වූ මහා නායක තෙරණු කෙනෙකි, කලපළුවාවේ ගෝතම තපෝ වනය සෙනසුණේ ප්‍රධානියාව මෙතුමෝ සාසනයට මහත් සේවයක් කල හිමි නමෙකි. මහන දම් පුරන්නට ඇති සිය කැමැත්ත සහ ඕනෑකම බුද්ධදාස තරුණයා මෙම මහා තෙරණුවන්ට දැන්වීමෙන් පසු

එයට සිය අනුමැතිය දුන් නා හිමියන් සිය ගුරු හිමියන් වන පුජ්‍ය කුඩාවැල්ලේ වංගීස ස්වාමින් වහන්සේ වෙත බුද්ධදාස තරුණයා පැනවීය. පුජ්‍ය කුඩාවැල්ලේ වංගීස ස්වාමින් වහන්සේ වෙතින් 1966 දෙසැම්බර්, 22 වැනි දින කසාවතට අවතීර්ණ වුයේ තපෝවනයේ අත්තකුසල යන සාසන නාමයෙනි. එය පසුව පානදුරේ අරියධම්ම ලෙස වෙනස්වන්නට යෙදින මෙම තපොවනයෙදී ඉතා හොඳින් භාවනා ක්‍රම හදාළ තරුණ සාමනේරයන් වහන්සේ නොබෝ කලකින්ම මනා ශික්ෂණයකින් හා දැනුම් සම්භාරයකින් පිරි දේශකයාන කෙනෙක් ලෙස අනෙත් සංඝයා වහන්සේලා හඳුනාගත්තෝය.

කවි රචනයට සහ කවි ගායනයට උපන් හපන් කමක් ඇතිව සිටි මෙතුමෝ ගාථා සජ්ජායන කරද්දී බොහෝ දෙන දැහැන් ගතවූ ලෙස අසා සිටියහ. තමන් විසින් ම රචනා කල බුදු ගුණ සහ තෙරුවන් ගුණ සහිත කවි ඉතාමත් සුගම සහ කර්ණ රසායනානුකුලව ගයත් දී බොහෝ ගිහි සැදැහැතියෝ නොයෙන් ප්‍රදේශවලට මෙතුමන්ව වැඩමවා ගෙන ගොස් භක්ති ගී වැඩසටහන් සංවිධානය කලෝය. බොහෝ ඇත පළාත්වලට ගොස් මෙසේ බොදු පිබිදීමක් ඇතිකළ හිමියන්ට කොතෙකුත් ගරු බුහුමන් පුද සැලකිලි ලැබිණ. ඒ කිසිත් තම සරල දිවිය කිලිටි කරන්නට ඉඩ නොදුන් හිමියන් ගේ උතුම් චරිතය ගැන පැහැදුන එවකට ශ්‍රී ලංකාවේ අගමැතිව හුන් ආර් ප්‍රේමදාස මැති තුමා කොළඹ ග්‍රෙගරි මාවතේ එවකට ඔර්කිඩ් මල් වවන්නට යොදා තුබූ ඉඩමක කුඩා පන්සලක් නිමකොට අරියධම්ම සාමින් වහන්සේට පුජා කළේය.( අදද ශ්‍රී සම්බෝධී විහාරය ලෙස පවතින මෙම විහාරස්තානයෙන් රුපවාහිනි සහ ගුවන් විදුලි ධර්ම දේශනා ප්‍රචාරය කෙරේ.)

තරුණ පෙළ දුසිරිතෙන් ගලවා ගන්නට අරියධම්ම හිමිය ගත් උත්සාහය නිසා මුළු ලක සියලු බොදු තරුණයන් මෙතුමෝ අනුගමනය කරන්නට වුහ. මෙම තරුණ ප්‍රබෝධය ලංකාව පුරාම සියලු පන්සල වලට මිනිසුන් අද්දවන්නට සමත් එකක විය. කිසි දිනක පන්සලකට නොගිය බොහෝ දෙනා පන්සල් ඇසුරු කරන්නට පටන් ගත්හ. එහෙත් අපේ අවාසනාවකට කිසිසේත් කිසිවෙක් නොසිතු ලෙස හදිසියේ ගිලන් වූ පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ 1986 මයි මස 27 වෙනි දින ජාතියක් හඬවමින් අපවත්වී වදාළහ.

අපේ ස්වාමින් වහන්සේ පැතු බෝධියකින් නිර්වාන අවබෝධ කරත්වා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: